අභිරහස් ලෙස මියගිය කඳුකර කොටියාගේ සම දත් හා පාද හතරත් ගලවලා

183

බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්තේ ශ්‍රී පාද ස්වාභාවික රක්ෂිකයට මායින්ව අභිරහස් ලෙස මියගොස් සිටි හොදින් වැඩුනු කඳුකර කොටියකුගේ සිරුරක් 01 වැනිදා බගවන්තලාව පොලිසිය පැවසීය.

ස්වාභාවික රක්ෂිතයට මායින්ව මියගිය කඳුකර කොටියකුගේ සිරුරක් ඇති බවට එම වතුයායේ කම්කරුවන් විසින් ලබා දුන් තොරතුරක් මත අභිරහස් ලෙස මිය ගිය සිටි කඳුකර කොටියාගේ සිරුර හමු වූ බව බගවන්තලාව පොලිසිය පැවසීය.

මියගොස් සිටි කොටියාගේ පාද හතර, සම සහ කොටියාගේ දත් කිසියම් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් තිබේ. අභිරහස් ලෙස මියගිය කඳුකර කොටියාගේ සිරුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරින්ට දැනුම් දුන් බව බගවන්තලාව පොලිසිය පැවසිය.

නුවරඑලිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment