අමතක වුණ ලක්‍ෂ 10 දුන් සහ ජීවිත දෙකක් බේරා ගත් පොලිසියේ 7දෙනකුට ඇගැයීම්

772

ඉකුත් ඉල් පුර පසළොස්වක පොහෝදා (18 දා) අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධියේ බුදු මැඳුර අසල අමතක වී දමාගොස් තිබූ රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ මුදල් රුපියල් හාර දහසක පඬුරු සහිත අත්බෑගයක් විනාඩි හතළිස් පහක් වැනි කෙටි කාලයකදී එහි නියම හිමිකාරිය සොයා සුරක්ෂිතව භාරදීමට කටයුතු කළ පොලිස් සැරයන්වරයාට සහ ඉකුත් 08 වැනිදා පැවැති ගංවතුර ආපදා තත්ත්වයත් සමග පිටාර ගැලූ රාජාංගනය යාය 11 ප‍්‍රදේශයේ ඇළක ජල පහරට හසුව කුඹුක් ගසක එල්ලී ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ඇ`ගලූම් කම්හල් සේවිකාවන් දෙදෙනකුගේ දිවි බේරාගත් රාජාංගණය පොලිස් ස්ථානයේ සේවයෙහි නියුතු පොලිස් නිලධාරින් හයදෙනකුට ඇගයීමට ලක් කිරීම පෙරේදා (22 දා) සවස උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා අතින් සිදු කෙරිණි.

මෙම උපහාර උත්සවය පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාගේ උපදෙස් මත අනුරාධපුර පිහිටි උතුරුමැද පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී පැවැත්විණි.

අමතක වුණ ලක්‍ෂ 10 දුන් සහ ජීවිත දෙකක් බේරා ගත් පොලිසියේ 7දෙනකුට ඇගැයීම්

ඒ අනුව ජය ශ‍්‍රී මහා බෝධියේ බුදු මැඳුර අසල අමතක වී දමාගොස් තිබූ රුපියල් දස ලක්ෂයකට අධික වටිනාකමින් යුත් රන් භාණ්ඩ සහ මුදල් රුපියල් හාරදහසක පඬුරු සහිත අත්බෑගය එහි නියම හිමිකාරිය වන මාකොළ දකුණ මාකොළ පදිංචි කාන්ති පෙරේරා මහත්මියට සුරක්ෂිතව භාරදීමට කටයුතු කරමින් පොලිස් දෙපාර්තමේන්තුවට ගෞරවයක් ගෙන දුන් එහි රාජකාරි කටයුතු කළ අනුරාධපුර උඩමළුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයෙහි නියුතු පොලිස් සැරයන් එස්.එම්. ආනන්ද සිරිපාල මහතාට (48176) මුදලින් රුපියල් දෙලක්ෂයක මුදලක් සහ ජල පහරට හසුවී සිටියදී ඇ`ගලූම් සේවිකාවන් දෙදෙනාගේ දිවි බේරා ගත් පොලිස් නිලධාරින් හයදෙනාට මුල්‍ය පරිත්‍යාගයන් මෙහිදී සිදු කෙරිණි.

මෙම උත්සවයේ දී ඇ`ගලූම් සේවිකාවන් දෙදෙනාගේ ජීවිතය බේරාගත් රාජාංගණය පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ඒ. ආර්. එස්. ඒ. රණසිංහ, ප‍්‍රධාන පොලිස් පරීක්ෂක බී. එම්. කේ. බස්නායක සැරයන්වරුන් වන විජේතිලක (41316), රාජපක්ෂ (52067), රාජපක්ෂ (61051), දෙහිවත්ත (71569) සහ කොස්තාපල් රියැදුරු හේරත් (25995)යන නිලධාරීහු ද ඇගැයීමට ලක් කරනු ලැබූහ.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment