අමතර කොටස් එකතුකර ලියාපදිංචි නොකළ වාහනයක් සැකසූ අයෙක් මාලිගාවත්තේ දී කොටු

548

ලියාපදිංචි නොකළ වාහන අමතර කොටස් ආධාරයෙන් සකස් කළ මෝටර් රථයක් සමඟ සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට මාලිගාවත්ත පොලිසිය සමත් විය.

පොලිසියට ලද තොරතුරකට අනුව මාලිගාවත්ත අලූත් බෝධිරාජ මාවතේ දී සැකකරු කොටුකරගෙන තිබේ. විදෙස්ගතව සිටින මොහුගේ ඥාති සොහොයුරකු වාහන අමතර කොටස් ලබාදී ඇතැයි හෙළිවූ බව ද පොලිසිය කියයි. 38 හැවිරිදි සැකකරු

මාලිගාවත්ත ප‍්‍රදේශයේ පදිංචි අයෙක් වේ. මාලිගාවත්ත පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්‍ෂක පතිරණ, පොලිස් කොස්තාපල් අමරසේකර (69519) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම සඳහා සහභාගි වූහ.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ධර්මසේන වැලිපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment