අමතර කොටස් ගිනි ගණන්: ඉහළ දැමූ බස් ගාස්තු ප්‍රමාණවත් නෑ!

109

ටයර්, ටියුබ්, ලිහිසි තෙල් ඇතුළු අමතර කොටස් මිල ඉතා අධික ලෙස ඉහළ යෑම හේතුවෙන් වාර්ෂිකව සිදුකරන බස් ගාස්තු සංශෝධනය ලබන ජුනි මාසයේ බලාපොරොත්තු වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රිියන්ජිත් මහතා ‘දිවයින’ ට ඊයේ (27 වැනිදා) පැවසීය.

ඉන්ධන මිල ඉහළ යෑමට සාපේක්‍ෂව බස්රථ ගාස්තුව පසුගියදා ඉහළ දැමූවද එය ප්‍රමාණවත් නොවන බවද හෙතෙම කීය.

මෙහිදී තවදුරටත් කතා කළ අංජන ප්‍රියන්ජිත් මහතා මෙසේද කියා සිටියේය. “බස් ගාස්තු වැඩිවීමත් සමග බස් රථවල ගමන් කරන මගීන්ගේ විශාල අඩුවක් දකින්නට තියෙනවා. මේ තත්ත්වය තුළ බස් කර්මාන්තය දැඩි කඩා වැටීමකට ලක්වෙලා. මේ කර්මාන්තයට ඩීසල් සහනාධාරයක් ලබා දෙනවා නම් අර පැරැණි ගාස්තුවටම මගීන්ව රැගෙන යන්න පුළුවන්.

නමුත් රජයෙන් කිසිම ප්‍රතිචාරයක් නැහැ. කොහෙන් බැලුවත් තැලෙන්නේ මගී ජනතාව, බස්රථ හිමියන් හා සේවකයන්. පොදු ප්‍රවාහන සේවා ගැන රජය මීට වඩා අවධානය යොමු කරන්න ඕනේ.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment