අමතර දීමනා කැපුවොත් දොස්තරලා සටනට! GMOA අනතුරු අඟවයි

303

වෛද්‍යවරුන්ගේ අමතර සේවා දීමනා කප්පාදුවක් කළහොත් ලබන 25 වැනිදායින් පසු පූර්ව දැනුම්දීමකින් තොරව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත.

පෙරේදා (18 දා) පැවැති එම සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණයට එළැඹි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ‘දිවයින’ට ඊයේ (19 දා) පැවසීය.

වෛiවරුන් සඳහා ප්‍රවාහන දීමනා, රෝහල් අසල පදිංචියට නිවාස සඳහා රුපියල් හැත්තෑපන්දහසක මුදලක් මාසිකව ලබාදීමට රජය පොරොන්දු වී ඇතත් වසර හතක් පුරාවට එය රුපියල් තිස්පන්දහසකට සීමා වී ඇතැයි ද ඒ මහතා කියා සිටියේය. වෛiවරුන්ගේ ප්‍රවාහන දීමනා, අමතර සේවා දීමනා වෙනුවෙන් ලබා දිය යුතුව ඇති මුදල් තමයි රජය මේ කප්පාදු කරන්න හදන්නේ. මේ සෞඛ්‍ය සේවාව පෞද්ගලිකකරණයට රැගෙන යන පළමු පියවර. මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක්. ‘ඩැට්’ දීමනාව 2015 සිට වෛද්‍යවරුන්ට අනුමත කර තිබූ දීමනාවක්. එය එදා රුපියල් හැත්තෑපන්දහසක් වුවත් වර්තමාන තත්ත්වයට අනුව යාවත්කාලීන කර නැහැ. ඒ වෙනුවට අද වෛද්‍යවරුන්ගේ අමතර සේවා දීමනා ලෙස ලබා දෙන්නේ එදා දුන් මුදලින් තුනෙන් එකක් පමණයි.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment