අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීගේ දරුවන් වෙනුවෙන් ජනපති පෙනී සිටියි

438


නිට්ටඹුව ප්‍රදේශයේ මැයි 09 වැනිදා සිදුවූ සිදුවීමෙන් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අමරකීර්ති අතුකෝරළ මහතාගේ දරුවන් දෙදෙනාගේ අධ්‍යාපනය ඇතුළු අවශ්‍ය ඕනෑම උපකාරයක් ඇත්නම් දැනුම් දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදානයන් යටතේ ඕනෑම උපකාරයක් එම දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන් ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ඊයේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ අවස්ථාවේදී මේ බව පවසා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment