අමරවීර යන්න  කලින් යූරියා භාරගනී

105

ඉන්දීය ණය ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු යූරියා පොහොර මෙටි්‍රක් ටොන් හතළිස් දාහක් සහිත නැව පෙරේදා (09 දා) පෙරවරුවේ කොළඹ වරායට ළඟාවිය.

එම පොහොර, රජය වෙත නිල වශයෙන් භාරදීම ඊයේ (10 දා) පෙරවරුවේ සිදුවිය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමාසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් කෘෂිකර්ම හා වනජීවි ඇමැති මහින්ද අමරවීර මහතා වෙත කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් නිල නිවසේදී එම භාරදීම සිදුකරන ලදී.

එහිදී කෘෂිකර්ම ඇමැතිවරයා සඳහන් කළේ තමා සිය ඇමැති ධුරයේ හිදිමින් සිදුකරන අවසන් නිල රාජකාරි කටයුත්ත මෙය බවයි.

මෙහිදී ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව මුහුණදී සිටින මේ දුෂ්කර අවස්ථාවේදී අසල්වාසී මිත්‍ර රටක් ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවේ ජනතාවට අඛණ්ඩව උදවු උපකාර කරන බවය.

උපාලි ද සේරම්
 

advertistmentadvertistment
advertistmentadvertistment