අම්බලන්තොට කුඹුරුවල අනවසර වැලි කැපීම් නතර කරන්න

48

චමල් දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ඉල්ලයි

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කුඹුරුවල සිදුකරන අනවසර වැලි කැපීම් නතර කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් කමිටු සභාපති හිටපු කථානායක චමල් රාජපක්‍ෂ මහතා දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී නිලධාරීන්ට දැනුම්දී ඇත.

සංවිධානාත්මක කණ්ඩායමක් අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරක වැලි කපමින් සිටියදී වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් පිරිසක් භූවිiා නිලධාරීන් කණ්ඩායමක් සමඟ එම ස්ථානය වටලා සැකකරුවන් 16 දෙනකු සමඟ බැකෝ යන්ත්‍රයක් ඇතුළු රුපියල් කෝටි 25 කට වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් අත්අඩංගුවට ගෙන තිබිණි.

එම නඩු භාණ්ඩ හෝ සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාස දෙකකට අධික කාලයක් ගතවී ඇතත් මේ වනතෙක් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර නැතැයි හම්බන්තොට පරිසරය සුරැකීමේ සංවිධානය පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ද සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මින් පසු එවැනි සිදුවීම් සිදු නොවීමට වගබලා ගන්නා ලෙසත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවේදී චමල් රාජපක්‍ෂ මහතා දැනුම් දී ඇත.

භූවිiා හා පතල් කාර්යාංශය වැලි බලපත්‍ර සඳහා අනුමැතිය දීමේදී ඉඩම පවතින නිශ්චිත ස්ථානය සඳහන් කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්. පී. සුමනසේකර මහතා එම කාර්යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment