අම්බිකාගේ ප‍්‍රකාශයට ජීඑල්ගේ විරෝධය

280

ශ‍්‍රී ලංකා රජය මානව හිමිකම් ආරක්ෂා කරන්නේ නැති බවත් ජී. එස්. පී. ප්ලස් සහනය ලබාදීමට නම් මානව හිමිකම් ආරක්ෂා කරන ලෙසට ශ‍්‍රී ලංකාවට බලපෑම් කළ යුතු බවටත් නීලන් තිරුචෙල්වම් සංවිධානයේ සභාපති අම්බිකා සත්කුනනාදන් මහත්මිය යුරෝපා පාර්ලිමේන්තුවේ අනුකමිටුව හමුවේ කර ඇති ප‍්‍රකාශය තරයේ ප‍්‍රතික්ෂේප කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

පසුගිය ජනවාරි 27 වැනිදා පැවැති යුරෝපා පාර්ලිමේන්තුවේ අනුකමිටුව හමුවේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් හා කම්කරු අයිතිවාසිකම් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අවස්ථාවේදී ඇය ලබාදුන් ප‍්‍රකාශයේ මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇතැයි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය ඇයගේ මෙම ප‍්‍රකාශය හරහා ශ‍්‍රී ලංකා රජය විවිධ අංශ ඔස්සේ ලබා ඇති ප‍්‍රගතිය මුළුමනින්ම නොසලකා හැරීමක් බව ද පවසයි.

එමගින් රජයේ අභිප‍්‍රාය සහ අවංකභාවය පිළිබඳව සැකයක් ඇතිවන බවත් ඇය ලබාදුන් ප‍්‍රකාශයේ නොමඟ යවන සුළු කරුණු රැසක් අඩංගුව ඇතැයිද සඳහන් කරයි.

මේ සම්බන්ධව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධානය යොමුකර ඇතැයිද ඉන් ජනතාව අතර වෛරය ඇති කිරීම සඳහා එල්. ටී. ටී. ඊ. සංවිධානය ක‍්‍රියාත්මක කළ වැඩපිළිවෙළ නිරූපණය වන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

දැනට පවතින කොවිඞ් 19 වසංගතය නිසා සියලූම ප‍්‍රජාවනට අයත් මිලියන සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයන්ගේ ජීවනෝපාය කෙරෙහි බලපෑම් එල්ලවී ඇති අවස්ථාවක යුරෝපා සංගමයේ ජී. එස්. පී. ප්ලස් පහසුකම ශ‍්‍රී ලංකාවට අහිමි වුවහොත් එහි ප‍්‍රතිඵලය ලෙස මුහුණදීමට සිදුවන පාඩුව නිසා දරිද්‍රතාවය ඉහළ ගොස් ආදායම්වල අසමානතාවය ද උග‍්‍රවනු ඇතැයි පවසන විදේශ කටයුතු අමාත්‍යාංශය උතුරු නැගෙනහිර පළාත්හි ධීවර කර්මාන්තයට සහ කෘෂි කර්මාන්තයටද මෙමගින් දැඩි බලපෑම් එල්ලවනු ඇතැයිද සඳහන් කරයි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment