දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගමදී සහ මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේදී ඊයේ (15දා) උදෑසන සිදුවූ මාරක රිය අනතුරු දෙකකින් පියකු දියණියක සහ මවක, පුත්‍රයකු මියගොස් ඇත.
මෙම මාරක රිය අනතුරු දෙකම සිදුවී ඇත්තේ වේගය පාලනය කරගත නොහැකිව ගොස් අනතුරට ලක්වීමෙන් බව පොලිසිය පවසයි.
කතරගම වන්දනාවේ ගොස් එමින් සිටි පිරිසක් රැුගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ආසන්නයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයෑමෙන් එහි ගමන් කළ පියකු සහ සිවු හැවිරිදි දියණියක
මියගොස් මව පුත්‍රයා සහ තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත.
අනතුරින් මියගොස් ඇත්තේ බණ්ඩාරගම රේරුකාන නාමලූව ප්‍රදේශයේ පදිංචිව සිටි එච්. එම්. සමන් කුමාර 45 (පියා) හා ඔහුගේ දෙවැනි දියණිය වූ නෙහාරා ඔකිත්මා (අවුරුදු 4) දැරියයි.
එකම පවුලේ මව පියා ඔවුන්ගේ දරු දෙදෙනා සහ තවත් පුද්ගලයකු අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි. අනතුරෙන් මියගිය සමන් කුමාරගේ බිරි`ද, වැඩිමහල් දියණිය සහ මෝටර් රථයේ ගමන් ගත් හිටපු හමුදා සෙබළකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.
මෙම පිරිස කතරගම වන්දනාවේ ගොස් බණ්ඩාරගම නිවස කරා පැමිණෙමින් සිටියදී ඊයේ (15දා) අලූයම එකයි තිහට පමණ අධිවේගී මාර්ගයේ මිල්ලනිය ප්‍රදේශයේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන මීටර් පනහක් පමණ ඉදිරියට ඇදී ගොස් නැවත මාර්ගයට පැමිණ තුන් වතාවක් පෙරළීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.
අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ මියගිය සමන් කුමාර බවත් එහි ඉදිරිපස වම් පස අසුනේ තුවාල ලද හිටපු හමුදා සෙබළා සිට ඇති අතර පිටුපස අසුනේ මවගේ උකුල මත මියගිය කුඩා දැරිය සහ අනෙක් දැරිය නින්දේ පසුවී ඇති බවත් පොලිසිය කියයි. අනතුරත් සමඟම කුඩා දැරිය මෝටර් රථයෙන් ඉවතට විසිවී ඇති අතර පියා සහ එම දියණිය එම ස්ථානයේදීම මියගොස් ඇතැයි පොලිසිය ස`දහන් කරයි.
අනතුරින් තුවාල ද මව හා දියණිය කළුතර නාගොඩ රෝහලටත් හිටපු හමුදා සෙබළා හොරණ මූලික රෝහලෙත් ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි. අනතුරෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 18.2 කණුවට මෙන්ම මෝටර් රථයට ද දැඩි අලාභ සිදුවී ඇතැයි පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසියේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර, සහකාර පොලිස් අධිකාරී කපිල අබේනායක, ස්ථානාධිපති අනුරුද්ධ චන්ද්‍රසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත ගැලනිගම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණී, උප පොලිස් පරීක්ෂක සරත් පෙරේරා, පොලිස් සැරයන්වරුන් වන (14770* ජයදේව, පොලිස් කොස්තාපල් (13516* පත්මසිරි යන මහත්වරු පරීක්ෂණ පවත්වති. මේ අතර අනුරාධපුරයේ ඥාතියකුගේ නිවසට ගොස් ආපසු කටාන බලායමින් සිටි මවක සහ පුත්‍රයකු රැුගත් යතුරුපැදිය මාදම්පේ ඉරට්ටකුලම ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීමෙන් ඔවුන් දෙදෙනා සිද්ධිය වූ ස්ථානයේම මියගොස් ඇත. මෙසේ මියගොස් ඇත්තේ කටාන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි මවක් සහ 27 හැවිරිදි ඇගේ පුත්‍රයාය.
මොවුන් දෙදෙනා පෙරේදා (14දා) රාත්‍රී 10.00ට පමණ අනුරාධපුරයෙන් පිටත්වී ඇති අතර ඊයේ අලූයම කාලයේදී මෙම අනතුරට මුහුණපා ඇත. මාදම්පේ පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, කැස්බෑව– ජයසිංහ