අම්මා නැති අතරේ බිරිඳගේ ගොළු නංගිට අතවර කළ මස්සිනා රිමාන්ඞ් බාරයට

901

හුලංදාව වතුයායේ පදිංචිව සිටින 39 හැවිරිදි අවිවාහක ගොළු කාන්තාවක් අපයෝජනය කළ බවට සැකපිට ඇයගේ වැඩිමහල් සහෝදරියගේ සැමියා අත්අඩංගුවට ගත් බව අකුරැුස්ස පොලිසිය කියයි.

ඇයගේ මව ඉකුත් 04 දින වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට අකුරැුස්ස නගරය වෙත පැමිණ තිබූ අවස්ථාවේදී මෙම අපයෝජනය සිදුවී ඇති බව මව විසින් පොලිස් හදිසි ඇමතුම් අංශයට කරන ලද පැමිණිල්ල අනුව අකුරැුස්ස පොලිසිය මගින් විමර්ශන කටයුතු ආරම්භ කෙරිණි.

අපයෝජනයට ලක්වූ ගොළු කාන්තාව සංඥා භාෂාව පිළිබඳව කිසි`දු පුහුණුවක් නොමැති බැවින් ඇය සිය මව සමග අදහස් හුවමාරු කරගන්නා සරළ සංඥා ක‍්‍රමය අනුව ඉතා අපහසුවෙන් සිද්ධිය පිළිබඳව ඇයගේ ප‍්‍රකාශය ලබා ගැනීමට පොලිස් නිලධාරීන් සමත්විය. අපයෝජනයට ලක්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණය සඳහා රෝහල්ගත කර ඇත.

අකුරැුස්ස පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීර මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලලිත් නූපේහේවා, උප පොලිස් පරීක්ෂක ප‍්‍රියන්ත ජයලත් , පොලිස් සැරයන්19756සුගතදාස, 39684 නයනජිත්, 54499 පේමචන්ද්‍ර සහ ලසන්තිකා යන නිලධාරී පරීක්ෂණ කටයුතු මෙහෙයවා සැකකරුව අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු කඩුවෙල, වැලිවිට ප‍්‍රදේශයේ ස්ථානයක සැඟවී සිටියදී අකුරැුස්ස පොලිස් නිලධාරීන් විසින් සැකකරුව 07 වැනි දින අත්අඩංගුවට ගත්හ. සැකකරුව 08 වෙනි දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදුව රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

සමන් උපුල් පිනිදිය – අකුරැස්ස 

advertistmentadvertistment
advertistmentadvertistment