අම්මා ලක්ෂ 21 යි… දුව ලක්ෂ 03 යි…. ඔන්ලයින් මිනිස් ජාවාරමේ ඩන්ස්ටන් මාට්ටු… මහළු ව්‍යාපාරිකයින් රැසක් ගැනුම්කාර ලැයිස්තුවේ

3518

* තවත් රූමතියන් රැසක් අන්තර්ජාලයෙන් සල්ලාලයන්ට විකුනලා

  හේමන්ත රන්දුණු

කටුනායකින් ගමන් ඇරඹූ බස්රථය ගම්පහ නගරයට සේන්දු වෙද්දී හොඳටම රෑ බෝවී තිබුණේය. නයෝමි කඩිමුඩියේම බස්රථයෙන් බැස ගත්තේ කඩුවෙල බලා යන බස්රථයට ගොඩවීමේ අරමුණෙන්ය.

 නංගි කඩුවෙල බස් නතර කරන්නේ කොහෙද? මං බියගමට යන්න ඕනෙ..

 නයෝමි පසුපසින් පැමිණි මැදිවියේ පුද්ගලයකු ඇගෙන් විමසුවේය.

අම්මා ලක්ෂ 21 යි... දුව ලක්ෂ 03 යි.... ඔන්ලයින් මිනිස් ජාවාරමේ ඩන්ස්ටන් මාට්ටු... මහළු ව්‍යාපාරිකයින් රැසක් ගැනුම්කාර ලැයිස්තුවේ

ඔය ඉස්සරහා තියෙන්නෙ කඩුවෙල බස් එක මමත් යන්නෙ ඒකට තමා නයෝමි බස්රථය වෙත යන අතරතුර මැදිවියේ පුද්ගලයාට කීවාය.

 බස්රථය තුළ වැඩි සෙනඟක් සිටියේ නැත. නයෝමි වාඩිවූ අසුනේම අනෙක් කෙලවරේ මැදිවියේ පුද්ගලයා අසුන් ගත්තේය.

 නංගි කොහෙද වැඩ කරන්නෙ සංවාදයට මුලපුරමින් මැදිවියේ පුද්ගලයා විමසුවේය.

 ”මම කටුනායක සෝන් එකේ වැඩ අද ටිකක් රෑ වුණා. ළමයි දෙන්නත් හොඳටම බයවෙලා. නයෝමි තම පෞද්ගලික තොරතුරු කීපයක් නාඳුනන පුද්ගලයා හමුවේ දිගහැරියාය.

 මම ඩන්ස්ටන්. බිස්නස් කරන්නෙ. මගේ වාහනේ කැඩුනා. ඒකයි මේ බස් එකේ යන්නෙ. බස්වල ගිහිල්ලා එච්චර පුරුද්දක් නැහැ.

 ඩන්ස්ටන් තම පුරාජේරුව නයෝමි ඉදිරියේ දිගහරින්නට වුණේය. නයෝමි රැකියාව කළේ කටුනායක ආයෝජන කලාපයේ ඇඟලූම් කම්හලකය. නයෝමිගේ සැමියා හරිහමන් රැකියාවක් කළේ නැත. මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහි වී සිටි නයෝමිගේ සැමියා කාලකන්නි චරිතයකි. තිස්දෙහැවිරිදි වියේ පසුවූ නයෝමි ඒ වනවිට අන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරමින් සිටියාය.

අම්මා ලක්ෂ 21 යි... දුව ලක්ෂ 03 යි.... ඔන්ලයින් මිනිස් ජාවාරමේ ඩන්ස්ටන් මාට්ටු... මහළු ව්‍යාපාරිකයින් රැසක් ගැනුම්කාර ලැයිස්තුවේ

ක්මහන්සියෙන් හරිහම්බ කරන මුදල්වලින් වැඩි කොටසක් සැමියා කොල්ලකෑවේය. තිස්දෙහැවිරිදි වියේ පසුවූ නයෝමි සැබැවින්ම රූමත් කාන්තාවක් වූවාය. නයෝමිගේ වැඩිමහල් දියණිය පහළොස් හැවිරිදිය. ඇය නමින් සරණිය. කුඩා කල සිටම සරණි රූමතියක වීමේ පෙර ලකුණු පහල කළාය. ඇය අධ්‍යාපනය ලැබුවේ බියගම ප‍්‍රදේශයේ පාසලකය. සරණිගේ බාල සොහොයුරා එහෙමත් නැත්නම් නයෝමිගේ බාල පුත‍්‍රයා දස හැවිරිදි වියේ පසුවුණේය.

 නිවසේ ආර්ථිකය ගැන සොයා බැලීමට නයෝමිගේ සැමියාට උවමනාවක් හෝ අවශ්‍යතාවයක් තිබුණේ නැත. දහදුක් විඳිමින් හරිහම්බ කරන සොච්චම නයෝමි සිය දරු දෙදෙනා සහ සැමියා වෙනුවෙන් වියදම් කළාය.

 නයෝමිට ඩන්ස්ටන් මුණගැසෙන්නේ අහම්බයකිනි. එහෙත් ඩන්ස්ටන් කාලයක් තිස්සේ තමන් පසුපස ආ බව නයෝමි දැන සිටියේ නැත.

 කඩුවෙල බලා යන බස්රථයේ කොනක අසුන්ගෙන සිටි නයෝමි ඩන්ස්ටන් සමග බොහෝ දේ කතා කළාය.

 මං ගත කරන්නෙ කාලකන්නි ජීවිතයක් අයියෙ. මගේ මිනිහා නරුමයෙක්. උදේ හිටන් රෑ වෙනකල් ඒ මිනිහා කුඩු ගහනවා. අපි ගැන ඇහැක් ඇරලා බලන්නෙ නැහැ.

 නයෝමි තම පවුලේ විස්තර එකින් එක ඩන්ස්ටන් සමග කියන්න වූයේ සිත සැහැල්ලූ කර ගැනීමේ අටියෙන්ය.

 ඔයා ඇත්තටම ලස්සන කෙල්ලක්. අපරාදෙ ඔයාගෙ ජීවිතේ විනාශ වෙන එක. ඔයා වාගෙ කෙනෙක් මට කලින් හම්බ වුණා නම් මං කසාද බැඳලා ඩන්ස්ටන් තැම්පත් ලීලාවෙන් කීවේය. එදා කඩුවෙල බස්රථයේදී සිදුවූ නයෝමි ඩන්ස්ටන් හමුව අනියම් සම්බන්ධයක් දක්වා දුර දිග යන්නට ඒ හැටි කාලයක් ගත වුණේ නැත.

 ‘ඔයා ඔය කාලකන්නියා අත ඇරලා මගේ ළඟට එන්න. ඔයාගෙ දරුවෝ දෙන්නත් මට වැඩි නැහැ. මං ඔය තුන්දෙනාවම හොඳට බලාගන්නම්.

 ඩන්ස්ටන් නයෝමිට දිගින් දිගටම යෝජනා කරන්න වුණේය. ඒ වනවිට අසරණකමේ පතුලටම වැටී සිටි නයෝමි අවසානයේ දැඩි තීරණයක් ගත්තාය. ඩන්ස්ටන් කෙරෙහි දැඩි විශ්වාසයකින් පසුවූ නයෝමි තම විවාහක සැමියා අතහැර දරු දෙදෙනා ද සමඟ ඩන්ස්ටන්ගේ රැකවරණය සොයා ආවාය.

 ඩන්ස්ටන් පදිංචිව සිටියේ මොරටුව ප‍්‍රදේශයේ නිවසකය. නයෝමි සහ දරු දෙදෙනාට මේ නිවස මාලිගාවක් විය. ඔවුන්ට අවශ්‍ය සියලූ සැප සම්පත් ලබා දෙන්නට ඩන්ස්ටන් කටයුතු කළේය. නයෝමි සිතා සිටියේ ඩන්ස්ටන් දෙවියකු කියාය. එහෙත් මොරටුව නිවසේ පදිංචියට ගොස් වැඩි දවසක් යන්නට මත්තෙන් ඩන්ස්ටන්ගේ සැබෑ තත්ත්වය හෙළිවන්නට පටන් ගත්තේය.

 ඩන්ස්ටන් ද අයිස් මත්ද්‍රව්‍ය තදින් භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෙකි. විවාහකයකු වූ ඔහු දරු දෙදෙනකුගේ පියෙකි. ඩන්ස්ටන්ගේ බිරිඳ විදේශ රැකියාවක නිරත වී සිටින අතර ඔහු දරු දෙදෙනා ද සමග මොරටුවේ කුලී නිවසක පදිංචිව සිටියේය.

 ධනවත් ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටිය ද ඩන්ස්ටන් කළ ව්‍යාපාරයක් නැත. මේ සියල්ල නයෝමි දැන ගන්නා විට ප‍්‍රමාද වැඩිය.

  නයෝමි ලබන මාසෙ මගේ වයිෆ් රට ඉඳලා එනවා. ඊට ඉස්සර අපි මොනව හරි කරන්න ඕනෙ. අනික මගේ දරු දෙන්නත් මට ගෙදර ගේන්න වෙනවා. පසුගිය ටිකේ මං එයාලව නෑදෑ ගෙදරක නතර කරල හිටියෙ. දරුවන්ටයි මටයි හැම දේටම වියදම් කළේ මගේ වයිෆ්. ඩන්ස්ටන් තමන්ගේ සැබෑ ස්වරූපය ටිකෙන් ටික හෙළිකරන්න වුණේය.

 ඇයි තමුසෙ මාව දෙවැනි පාරටත් අමාරුවෙ දැම්මෙ. මට ආපහු මගේ ගෙදර යන්නත් බැහැ. ගමට මුහුණ දෙන්නත් බැහැ. තමුසෙ මහ කාලකන්නියෙක්. නයෝමි ඩන්ස්ටන්ට බැන වැදුණාය. ඩන්ස්ටන් නමැති නරුමයාගේ කාලකන්නි කතාව පටන් ගන්නේ එතැන් සිටය. වැඩි දවසක් ගතවුණේ නැත. ඩන්ස්ටන් තම පිරිමි දරුවන් දෙදෙනා මොරටුවේ පිහිටි කුලී නිවස වෙත කැඳවාගෙන ආවේය. දැන් මේ නිවසේ දරුවන් සිව්දෙනෙකි. නයෝමිත් ඩන්ස්ටනුත් අ`ඩදබරවල නිමක් නැත. තමන්ට සිදුවූ වින්නැහිය ගැන සිතමින් නයෝමි දස අතේ කල්පනා කරන්න වූවාය.

 මගේ හොඳ යාළුවෙක් ඉන්නවා අවිස්සාවේල්ල පැත්තෙ. මැණික්කාරයෙක්. මිනිහා කෝටිපතියෙක්. එයාගෙ සෙකටි‍්‍ර වාගේ ඉන්න කෙනෙක් හොයනවා. හොඳ පඩියක් දෙනවා කිව්වා අපි ටිකක් බලමු මිනිහව හම්බවෙලා.

 දිනක් ඩන්ස්ටන් නයෝමිට අලූත් යෝජනාවක් ගෙන ආවේය. ඒ වනවිට නයෝමිටත් අවශ්‍යව තිබුණේ මේ අපායෙන් ගැලවී යෑමටය.

 ඩන්ස්ටන් නයෝමි කැඳවාගෙන අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයා හමුවීමට ගියේය. මැදිවිය ඉක්මවූ ව්‍යාපාරිකයා ධනවතෙකි. සුඛෝපබෝගී නිවාස යාන වාහන ඔහුට අඩුවක් නැත.

 මුදලාලි මේ තමයි මං අර කිව්ව ළමයා. හැම දේකටම දක්‍ෂයි. තාම වැඩි වයසකුත් නැහැ. මැණික් ව්‍යාපාරිකයා තමන් දෙස කෑදර බැල්මක් හෙළණු නයෝමි දුටුවාය. ව්‍යාපාරිකයාගේ මාලිගාවක් බඳු නිවස සහ වත් පොහොසත්කම් දුටු නයෝමි ඔහු කෙරෙහි කිසියම් පැහැදීමකින් සිටියාය.

 එදින දිවා ආහාරය ද ව්‍යාපාරිකයාගේ නිවසින් ලබාගත් ඩන්ස්ටන් සහ නයෝමි ආපසු මොරටුවට ආහ.

 මුදලාලි එක පයින් කැමති වුණා ඔයාට රස්සාව දෙන්න. දැන් ඔයාට ජීවිත කාලෙම මුදලාලිත් එක්ක එකට ඉන්න පුළුවන්. අනික කප්පරක් දේපළ. මුදලාලි කසාදෙන් අයින්වෙලා ඉන්නෙ. ඔය කියන හැම දෙයක්ම එයාගෙ.

 ඩන්ස්ටන් අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයා ගැන ගුණවරුණා කළේය. ආර්ථික පීඩා විඳිමින් අන්ත අසරණ තත්ත්වයට පත්ව සිටි නයෝමි අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයා සමග ජීවත් වීමට තීරණය කළාය.

 ඒ වනවිට නයෝමිගේ දියණිය සරණි බෙහෙවින් රූමත් තරුණියකව සිටියාය. ඩන්ස්ටන්ගේ දරුවන් දෙදෙනා සහ නයෝමිගේ දරුවන් දෙදෙනා මොරටුවේ පිහිටි නිවසේ නවාතැන් ගෙන සිටියහ.

 මම අවිස්සාවේල්ලෙ ගියාම මේ දරුවො දෙන්නට මොකද වෙන්නෙ. උන්ටත් යන කලදවසක් තියෙන්න එපැයි. නයෝමි ඩන්ස්ටන්ගෙන් ප‍්‍රශ්න කළාය.

 ඔයා කිසිදේකට බය වෙන්න එපා. දරුවො දෙන්නා මං බලාගන්නම් ඔයාට ඕනම වෙලාවක ඇවිත් දරුවො බලලා යන්න පුළුවන්. මේ දරුවො දෙන්නත් දැන් මගේ දරුවො වගේ තමයි. ඩන්ස්ටන් ඇඟට පතට නොදැනෙන්නට කීවේය.

 නයෝමිට දරුවන් දෙදෙනා ගැන ඒ හැටි කැක්කුමක් තිබුණේ නැත. එසේ කැක්කුමක් ආදරයක් තිබුණේ නම් මෙවැනි පාපතරයකුගේ සේවනේ රූමත් තරුණ දියණිය නතර කර යන්නට තරම් හැකියාවක් යහපත් මවකට තිබේද?

 ඩන්ස්ටන් දිගින් දිගටම අවිස්සාවේල්ල ව්‍යාපාරිකයා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වුණේය. අවසානයේදී ඩන්ස්ටන් නයෝමි කැඳවාගෙන අවිස්සාවේල්ලට ගොස් ඇය මහලූ ව්‍යාපාරිකයාට භාරදී ආවේ ඔහුට ‘ලිවින් ටුගෙදර්’ ජීවිතයක් ගතකිරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දෙමින්ය.

 තම මවගේ ආදරය රැකවරණය අහිමිවීම තරුණ දියණියටත් ලාබාල වයසේ පසුවූ පුත‍්‍රයාටත් තදින් බලපෑවෝය.

 නයෝමි අවිස්සාවේල්ලේ ව්‍යාපාරිකයා සමග අලූත් ජීවිතයක් පටන් ගැනීමට ගිය දින රාති‍්‍රය සරණිට බෙහෙවින් දීර්ඝ එකක් විය. ඒ මූසල රාති‍්‍රය පුරා කුලී නිවස තුළ බොහෝ දේ සිදුවුණේය. එදින රාති‍්‍රයේ හොඳ හැටි මත්ද්‍රව්‍ය පානය කර පැමිණි ඩන්ස්ටන් උන්මත්තකයකු ලෙස හැසිරෙන්නට පටන් ගත්තේය.

 මාස ගණනක් තිස්සේ ඩන්ස්ටන් නමැති නරුමයා තම සිතේ සඟවාගෙන සිටි පාපතර හැඟීම් සියල්ල එදින මුදාහැරියේය. අහිංසක සරණිට කිසිවකුගෙන් වත් පළිසරණක් තිබුණේ නැත.

 ”අනේ අංකල් මට කරදර කරන්න එපා මට අම්මා ළඟට යන්න ඕනෙ.”

 අහිංසක සරණි හඬා වැළපෙන්නට වූවාය. එහෙත් ඒ වනවිට මත්ද්‍රව්‍ය පානය කර අවසිහියෙන් සිටි ඩන්ස්ටන්ට ඒ විලාපය ඇසුණේ නැත. පිපී විකසිත වන්නට පෙරුම් පුරමින් සිටි මල් කැකුල එදින රාති‍්‍රයේ ඒ නරුමයා තලා පෙලා විනාශ කර දැමුවේය.

 පසුගිය දිනක උදෑසන ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා මහතා වෙත වැදගත් තොරතුරක් ලැබුණේය. මේ තොරතුර ඇසීමෙන් දිලීප පෙරේරා මහතා දැඩි කම්පනයට පත් වුණේය. ඔහු ඒ මොහොතේම ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා හමුවට ගොස් මේ තොරතුර හෙළි කළේ ඉදිරි විමර්ශන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ද ලබා ගැනීමේ අටියෙන්ය. සර් වෙබ් සයිට් එකක ඇඞ්වටිස්මන්ට් එකක් දාලා තියනවා. අවුරුදු 15 ක ගෑනු ළමයෙක් ලිංගික සේවය සඳහා යොදවා ගන්න ඉන්නවා කියලා. මේ දරුවා විකුණන්නෙ පැයකට රුපියල් දහදාහක මුදලට. ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරයා කියූ කතාව ඇසීමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා ද දැඩි ලෙස කම්පනයට පත් වුණේය.

 අපිටත් දරුවො ඉන්නවා. ඒ නිසා මේ වගෙ පාපතර වැඩ වහාම නතර කරන්න ඕනෙ. ඔයා අදම ගිහින් මේ කියන තැන වටලන්න. මේ වගෙ දේවල්වලට ඉඩ දෙන්න බැහැ. මේවා මහපොළොව නුහුලන අපරාධ.

 කමල් පුෂ්පකුමාර මහතා මෙම වැටලීම කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය සියලූ උපදෙස් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දීපාල් පෙරේරාට ලබා දුන්නේය.

 ඒ අනුව උපාය දූතයකු යොදවා පහළොස් හැවිරිදි දැරිය මුදලට අලෙවි කරන පුද්ගලයා සම්බන්ධ කර ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි විය.

 ළමයා ඉටි රූපයක් වගේ. පැයකට දහදාහයි. දවස් දෙක තුනක් උනත් තියාගන්න පුළුවන් එතකොට ගාන ටිකක් වැඩියි. ලක්‍ෂයක් විතර චාජ් කරනවා.

 දැරිය මුදලට අලෙවි කරන පුද්ගලයා කීවේය. ඒ අනුව ගනුදෙනුකරුවකු ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරියකු ගල්කිස්ස ස්ටේෂන් පාරේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් වෙත ගියේය.

 වෙස්වලාගත් පොලිස් නිලධාරියාට පසුපසින් ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දීපාල් පෙරේරා, කාන්තා නිලධාරිනියන් ඇතුළු කණ්ඩායමක් ද පැමිණ සිටියහ.

 දැරිය ලබාගැනීම සඳහා අවශ්‍ය ගනුදෙනු කතා කළ වෙස්වලාගත් පොලිස් නිලධාරියා මහල් නිවාසයේ පිහිටි එක්තරා නිවසක් වෙත ඇතුළු වුණේය. ඒ මොහොතේම කි‍්‍රයාත්මක වූ ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් එම නිවසට කඩාවැදුණේය.

ඇයි මේ පොලිසිය මේ ඉන්නෙ මගේ දුව. මෙයා මගේ යාළුවෙක්. පොලිසිය මොකද අපේ ගේ සර්ච් කරන්නෙ. අපි කරපු වැරැද්ද මොකක්ද? පහළොස් හැවිරිදි දැරිය මුදලට අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයා තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට දැඩි උත්සාහයක් ගත්තේය.

 ගනුදෙනුකරුවා ලෙස වෙස්වලාගෙන සිටි පොලිස් නිලධාරියා තැරැව්කරුගේ බෙල්ලෙන් අල්ලා ගත්තේය. තැරැව්කරුවා වෙන කවරකුවත් නොව ඩන්ස්ටන්ය. රුපියල් දසදහසක මුදලට අලෙවි කිරීමට සූදානම් වූ අවුරුදු 15 මාස 9 ක් වයසැති දැරිය සරණිය. අහිංසක දැරියගේ ජීවිතය බිලිගත් ඒ කාලකන්නි පාපතරයා පොලිස් අත්අඩංගුවට පත් වුණේය. නිවසේ තවත් කාමරයක සිටි ඩන්ස්ටන්ගේ දරුවන් දෙදෙනා සහ සරණිගේ බාල සොහොයුරු පොලිස් භාරයට ගනු ලැබීය. ඒ පාපතරයා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමට දිලීප පෙරේරා මහතා කටයුතු කළේය. ප‍්‍රශ්න කිරීම් හමුවේ ඒ නරුමයා සිදුකළ අපරාධ රැසක තොරතුරු අනාවරණය වන්නට පටන් ගත්තේය. මට හරි හමන් රස්සාවක් නැහැ සර්. අයිස් ගහන්න පුරුදුවෙලා ඉන්නෙ. දවසකට ලොකු මුදලක් මට වියදම් වෙනවා. මේ රස්සාව මං කරන්නෙ කාලෙක ඉඳලා. ඩන්ස්ටන්ගේ පැටිකිරිය එළියට එන්නට පටන් ගත්තේය. ගල්කිස්ස ප‍්‍රදේශයේ කාන්තාවන් කුලී පදනම මත ලිංගික සේවයට ලබා දෙන ප‍්‍රධානම තැරැව්කරුවා ලෙස කටයුතු කරන්නේ ඩන්ස්ටන් නමැති මේ පාපතරයාය.

 විමර්ශනවලින් හෙළිවූ අන්දමට ඩන්ස්ටන් සරණිගේ මව එහෙමත් නැත්නම් නයෝමි නමැති දෙදරු මව අවිස්සාවේල්ලේ මහලූ ව්‍යාපාරිකයාට අලෙවි කර ඇත්තේ රුපියල් විසිඑක් ලක්‍ෂයක මුදලකටය.

 මහලූ ව්‍යාපාරිකයා සමඟ ලිවින් ටුගෙදර් ජීවිතයක් ගත කිරීම සඳහා ඩන්ස්ටන් නයෝමි ලබාදී ඇති බව පොලිසිය සොයා ගත්තේය. තිරිසනුන් අප දැක ඇත්තෙමු. එහෙත් තිරිසනුන්ටත් එහා ගිය පාපතර කි‍්‍රයාවන් කරන මෙවැනි කාලකන්නින් ගැන අසන්නට දකින්නට ලැබෙන්නේ කලාතුරකින්ය.

 නයෝමි රුපියල් විසිඑක් ලක්‍ෂයක මුදලට අලෙවි කළ ඩන්ස්ටන් ඇගේ වැඩිමහල් දියණිය වූ සරණිගේ ජීවිතය විනාශ කර දැමුවේය. පසුව මේ අහිංසක දැරිය වැල්ලවත්ත ප‍්‍රදේශයේ මහලූ ව්‍යාපාරිකයකුට දින කීපයක් තිස්සේ සිය මනදොල පිනවීම සඳහා ලබාදීමට කටයුතු කළේ රුපියල් තුන්ලක්‍ෂයක මුදලක් ලබා ගනිමින්ය.

 මොරටුවේ නිවස අතහැර දැමූ ඩන්ස්ටන් ගල්කිස්සේ මහල් නිවාසයක සුඛෝපභෝගි නිවසක පදිංචියට ආවේ සරණි නමැති අහිංසක දැරිය මුදලට විකිණීමේ පරමාර්ථයෙන් යුතුවය. ඒ නිවස සඳහා දිනකට රුපියල් පන්දහසක මුදලක් ගෙවිය යුතු විය. එතැන් පටන් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කළ ඩන්ස්ටන් මේ අහිංසක දැරිය පැයකට රුපියල් දස දහස බැගින් මුදලට අලෙවි කරන්න පටන් ගත්තේය. මේ අහිංසක දැරියට ඇතැම් දිනවල සල්ලාලයන් හත්අට දෙනකුගේ විකෘති ආශාවන් සන්තර්පනය කරන්නට සිදුවිය.

 ඒ වනවිට ඩන්ස්ටන්ගේ නිත්‍යානුකූල බිරිඳ ද පැමිණ සිටි අතර ඇය ද ගල්කිස්සේ පිහිටි නිවසේ පදිංචිව සිටියාය. පොලිසිය කළ විමර්ශනවලින් හෙළි වූ අන්දමට ඇතැම් දිනවල ඩන්ස්ටන් මත්ද්‍රව්‍ය පානය කර නීත්‍යානුකූල බිරිඳ බලා සිටියදීම සරණි නමැති අහිංසක දැරිය අතවරයන්ට ලක් කළේය.

 ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර, ගල්කිස්ස මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක දිලීප පෙරේරා ඇතුළු නිලධාරීන් සියලූ රාජකාරි පසෙකලා මේ අහිංසක දැරිය පිළිබඳව ලැබුණු තොරතුරු ඔස්සේ විමර්ශන පැවැත්වීමට කටයුතු කළ නිසා ඇගේ ජීවිතය බේරා ගැනීමට හැකි වුණේය. තම කුසින් වැදූ දියණිය පාපතරයකුට භාර කළ මවට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට ද පොලිසිය කටයුතු කරමින් සිටියි. ඩන්ස්ටන් භාරයේ සිටි පිරිමි දරුවන් තිදෙනා ද විවිධ අතවරයන්ට ලක්වූ බවට ලැබුණු තොරතුරු මත ඒ පිළිබඳව ද සෙවීමට පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත. ඩන්ස්ටන් වැනි පාපතරයන් අතින් විනාශ වූ සරණිලා නයෝමිලා තවත් කොතෙකුත් සමාජයේ සිටින බව නොරහසකි. මෙවැනි පාපතරයන්ට නීතිය තදින් කි‍්‍රයාත්මක කළ යුතුය. සරණිලා වැනි මල් කැකුළු ආරක්‍ෂා කර ගැනීම පොලිසියේ පමණක් නොවේ මුළුමහත් සමාජයේම
 වගකීමක් වන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment