අම්මා හඬවමින් තාත්තාගේ පහරට යුවන්තිකා යන්නම ගියාය

967

පියාගේ හා බාප්පාගේ පහරදීමකින් පසු මිය ගියැයි සැකකරන දාහතර හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර සිසුවියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව ඇගේ දේහය මවුන්ටෙන්පල් ජනපදයේ නිවසට රැුගෙන එන ලදී.

ගම්පොළ ශික්ෂණ රෝහලින් මහනුවර ජාතික රෝහල වෙත යැවූ ඇගේ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය සිව සුබ‍්‍රමනියම් මහතා ඒ සඳහා විවෘත තීන්දුවක් දී තිබුණි.

අම්මා හඬවමින් තාත්තාගේ පහරට යුවන්තිකා යන්නම ගියාය

ගැහැනු දරුවන් සිවු දෙනකුගෙන් යුත් පවුලක දෙවනියා වන නුවන්තිකා ගම්පොළ සාන්ත ජෝශප් බාලිකා මහා විද්‍යාලයේ 9 වැනි වසර පන්තියේ ඉගෙනුම ලබමින් සිටියදී මෙම ඛේදවාචකයට මුහුණ දුන්නාය.

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ඇගේ පියා සහ බාප්පා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ගම්පොළ දිසා විනිසුරු ශ‍්‍රීනිත් විජේසේකර මහතා විසින් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විභාගය ද එදිනට කැඳවා ඇත.

නුවන්තිකා දැරිය ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් සිටියද ඇය රෝහල්ගත කිරීමට පවා පියා ඉඩ ලබා නොදුන් බවක් අනාවරණය වී ඇත. ඒ අනුව නිවසේදීම ඇය හුස්ම හෙළා ඇති බව ගම්පොළ පොලිසිය පවසයි. ඇගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (24*සවස ගම්පොළ නගර සභා පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment