අමාත්‍යාංශ දෙකක විෂය පථයන් වෙනසක්

355


අමාත්‍යාංශ දෙකක විෂය පථය සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තවත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

කර්මාන්ත අමාත්‍යාංශයේ සහ පරිසර අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කර තිබේ.

ඒ අනුවල මෙතෙක් කර්මාන්ත අමාත්‍යාංශයට අයත්ව තිබූ දැනට භූගතව සහ සාගර අභ්‍යන්තරයේ ඇතැයි සැලකෙන ඛනිජ සම්පත් නූතන අධිතාක්ෂණ භාවිතා කර ගවේෂණය කර රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට යොදාගැනීම යන කාර්යය පරිසර අමාත්‍යාංශය යටතට පවරා ඇත.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ශ්‍රී ලංකා ක්ලයිමේට් ෆන්ට් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය සහ ලංකා ඛනිජ වැලි සමාගම ද පරිසර අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment