අමාත්‍යාංශයේ ලේකම් සහ පොලිස්පති රාජ්‍ය සේවා කොමිසමට කැඳවයි

438

මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් ජගත් අල්විස් සහ පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහත්වරුන්ට ලබන පහළොස් වැනිදා රාජ්‍ය සේවා කොමිසම හමුවට පැමිණෙන ලෙස එම කොමිසම දැනුම් දී තිබේ.

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් එම්. ඒ. බී. දයා සෙනරත් මහතා විසින් මෙම දැනුම්දීම සිදු කර ඇත.

පසුගිය කාලයේ දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පොලිස් නිලධාරීන්ට සහන සලසන ලෙසට කැබිනට් මණ්ඩලය මගින් ලබා දුන් අනුමැතියකට අනුව එය කි‍්‍රයාවට නැංවීම ස`දහා පොලිස්පතිවරයා අවශ්‍ය වාර්තා ලබා නොදීම හේතුවෙන් මෙම කැ`දවීම කරන බව රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා විසින් යවන ලද ලිපියෙන් දැනුම් දී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment