අමාත්‍යාංශ ලේකම් අනිල් ජාසිංහට අකරතැබ්බයක්

450

දකුණු කොරියාව බලා පිටත්වයාමට ගිය පරිසර අමාත්‍යාංශයේ ලේකම් හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොවිඞ් එන්නත්කරණ කාඞ්පත රැුගෙන නොයාම නිසා අදාල ගුවන් යානයට ගොඩවීමට නිළධාරීන් අවසර ලබාදී නැත.

දකුණු කොරියාවේ පැවත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනනේ රැස්වීමකට සහභාගීවීමට කටුනායක ගුවන්තොටුපොලට ගිය ඒ මහතා අතපසුවීමකින් එම කාඞ්පත නිවසේ දමාගොස් ඇත.

ඒ මහතාට ගුවන් යානයට ගොඩවීමට අවස්ථාව ලබාදී ඇත්තේ එන්නත්කරණ කාඞ්පතේ ඡයාරූපයක් තම ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඉදිරිපත්කිරීමෙන් අනතුරුවය.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ හතරවන ආසියා පැසිෆික් කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ හා පරිසර ආයතනයන්ගේ රැුස්වීමට සහභාගිවීම සදහා මෙරටින් පිටත්ව යාමට ඊයේ ගුවන්තොටුපොලට පැමිණි අවස්ථාවේදී ඔහු මෙම අකරතැබ්බට මුහුණ දී තිබේ.

දකුණු කොරියාවේ දී මෙම සමුළුව හෙට සහ අනිද්දා යන දෙදින පැවැත්වෙන්නේ රටවල් 47 ක නියෝජිතයන්ගේ සහභාගිත්වයෙනි.

advertistmentadvertistment
advertistmentadvertistment