අමාරුකම් මැද වුවත් මේ වසරට නියමිත විදේශ ණය ගෙවීමට පුළුවන් – මහ බැංකු අධිපති

148

මේ වසරේ (2022) දී ශ‍්‍රී ලංකාවට ගෙවීමට තිබෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක පමණ විදේශ ණය ප‍්‍රමාණය ගෙවිය හැකි බව තමා ඉතා පැහැදිලිව රටට ප‍්‍රකාශ කරන බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා පැවසීය.

‘‘ඒක අමාරු තමයි. ඒක අමාරු නැහැ කියල මම කියන්නේ නැහැ. ඒ වුණත් ඒ අමාරුකම් මධ්‍යයේ වුවත් මේ විදේශ ණය ගෙවීම කරන්න අපට පුළුවන්.’’ යැයි ද පෙරේදා (12 දා) නාරාහෙන්පිට රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

මේ විදේශ ණය වගකීම් පියවීමේ කටයුත්තට ඉතා කල්පනාකාරීව සහ විද්‍යාත්මකව යොමු වී සිටින්නේ ඒ නිසා බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ඉතාම කල්පනාකාරීව සහ විද්‍යාත්මකව මේ විදේශ ණය ගෙවීමේ කටයුත්ත දැන් කෙරීගෙන යනවා. ඒ අනුව තමයි අපට පසුගිය කාලයේ විදේශ ණය ගෙවා ගැනීමට හැකි වී තිබෙන්නේ. 2021 වර්ෂය ආරම්භයේ දී අපට ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක පමණ විදේශ සංචිත තිබුණා. අපි ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක පමණ විදේශ ණයත් ගෙවලා තව ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක විදේශ සංචිත ඉතුරුවෙලත් තියෙනවා.’’ යැයි ද කබ්රාල් මහතා කියා සිටියේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment