අමාරුවෙන් සකස් කළ දානේ ආපු අයට මදිවෙලා!

480

මේ දවස්වල එළවළු, මාළු ඇතුළු සියලූ ආහාර ද්‍රව්‍යවල මිල ගණන් අහස උසට නැඟී ගොසිනි. ඒ අල්ලපනැල්ලේ සියලූ ආදායම් වටා සුනාමි රළ පහර වැදී මීට වසරකට දෙකකට පෙර මියගිය සිය සැමියාගේ දානමය පිංකම යෙදී තිබුණේ ඉකුත් සෙනසුරාදාය.

 අතමිට මුදල් හිඟය, සැමියා රැුකියාව කළේ පුද්ගලික ආයතනයකය. අවසාන කාලයේ මාස ගණනක් ඔත්පලව සිටි සැමියාගේ වෙද හෙදකම් සඳහා අතිවිශාල මුදලක්ද වැය විය. නමුත් වසර දෙකකට පසු ඥාති හිතමිත‍්‍රාදීන් සුළු පිරිසකට හෝ ඇරයුම් කර සුළුවට හෝ දානයක් දී බණක් කීම සුවිනීතාගේ එකම පැතුම වී තිබිණි.

 ඇය පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට ආවේ ති‍්‍රරෝදයක් හයර් කරගෙනය. අතකර කණකර උගස් කරගත් මුදලින් ගැනීමට හැකිවූයේ කෙළවල්ලා කිලෝ පහකි.

 එළවළු, කෙසෙල්, හාල් ආදී අඩුම කුඩම සඳහා මුදල් මදිවූ පසු පුතුගේ යතුරුපැදියත් උගසට තබා රුපියල් 75,000 ක් ගත්තේ ඬේලි පොලීකරුවෙකිගෙනි.

 දානය දින බලාපොරොත්තු වූවාට වඩා වැඩි පිරිසක් නිවසට ආවේ මියගිය සැමියත්, පවුලේ අයත් හොඳ මිනිසුන් වූ නිසාය.

 කෑම මදිවූයේ ඔය අතරය. මාළු කෑලි නැත. තිබුණේ හොදි පමණකි.

 ආපු හැමෝටම ගොඩක් පින්. කෑම බීම මදිවුණා. සමාවෙන්න. ඇය දානයට පැමිණි සියලූ දෙනාගේම කණට කර කීවේ ඒ හැම විටම දෑසට නැඟුණ කඳුලැලි පිසින  ගමන්ය.

 ‘අද කොයි කාටත් අමාරුයි’ ඒක ගණන් ගන්න එපා. බොහෝ දෙනා ඒ කතාව කියා ඇය සැනසුවේ රුපියල් 2500 න් ජීවත් වන හැටි කී කතා සිහිකර රට කරවන ඇත්තන්ටද බැන වදිමිනි.

 පේ‍්‍රම්

advertistmentadvertistment
advertistmentadvertistment