අමිතාබ් බච්චන් දිවි මගේ අටවැනි දශකයට

456

‘ඇදහිය නොහැකි තරම් අලංකාර ශ්‍රී ලාංකික ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මම අගය කරනවා. මේ ගීතය මගේ නිවසේම ඉන්න දක්ෂයා මගේ මිණිබිරී නව්‍යා නවෙලි මගේ කාලියා චිත්‍රපටයේ ගීතයට සංස්කරණය කරලා තියෙනවා. මේ ගීතය මුළු රැයේම මගේ මනස තුළ සෙල්ලම් කරනවා. මට එයට සවන්දීම නැවැත්විය නොහැකියි.’

 දිවි මගේ අටවැනි දශකයට සුපිරි ඉන්දීය නළු අමිතාබ් බච්චන් පිවිසෙන්නේ අද දිනයේය. ඔහු අලහබාද් හි උපන්නේ 1949 වසරේය. චිත්‍රපට 180 කට වැඩි සංඛ්‍යාවක් සිව් දශකයකට වැඩි කලක් සිය රංගන දායකත්වයෙන් හැඩ කළ අමිතාබ් බච්චන් ඉන්දීය රිදී තිරයේ තවමත් ජනප්‍රියතම නළුවායි. ඔහු ලෝ ප්‍රකට ලන්ඩනයේ මැඩම් ටුසොඩ් ඉටි රූ කෞතුකාගාරයේ ප්‍රතිමාවක් ඉදිකෙරුණු මුල්ම ඉන්දීය රංගන ශිල්පියා ද වේ. සිය ජීවිත චාරිකාවේ හත් වැනි දශකය ළඟා වෙද්දී ඔහු කියා තිබුණේ වයසට යෑම නිසි කලට සිදුවන තාක් කිසිදු ගැටලුවක් නැති බවයි. ‘වයස යන එක වළක්වන්න බෑ’ මේ රස්සාවෙදී තමන්ගේ මුහුණ තමයි වාසනාව ගෙන දෙන සම්පත. අපි එක ආරක සිනමාවක ඉඳලා තව ආරක සිනමාවකට මාරුවෙනවා. මම දැන් ඉතින් ගොඩක් කරන්නේ ජ්‍යෙෂ්ඨ පුරවැසි චරිත. ඒත් තාම දහ දෙනකුට තඩිබාන්න පුළුවන්.’ යොහානි ද සිල්වාගේ මැණිකේ ගීතය ඉන්දියාවේ ජනප්‍රිය වීම සඳහා එම ගීතය අමිතාබ් විසින් අගය කිරීම විශේෂයෙන් බලපෑවේය. ඔහු සිය සමාජ මාධ්‍ය ගිණුමක මෙලෙස මැණිකේ ගැන සටහන් කර තිබිණි.

අමිතාබ් බච්චන් දිවි මගේ අටවැනි දශකයට

 ‘ඇදහිය නොහැකි තරම් අලංකාර ශ්‍රී ලාංකික ගීතයක් වන ‘මැණිකේ මගේ හිතේ’ ගීතය මම අගය කරනවා. මේ ගීතය මගේ නිවසේම ඉන්න දක්ෂයා මගේ මිණිබිරී නව්‍යා නවෙලි මගේ කාලියා චිත්‍රපටයේ ගීතයට සංස්කරණය කරලා තියෙනවා. මේ ගීතය මුළු රැයේම මගේ මනස තුළ සෙල්ලම් කරනවා. මට එයට සවන්දීම නැවැත්විය නොහැකියි.’

 1969 වසරේදී Saat Hindustani චිත්‍රපටයෙන් බොලිවුඩයට පිවිසි අමිතාබ් රඟ පෑ මුල් චිත්‍රපට 12ම සාර්ථක නොවූවත් 1973 වසරේ තිරගතවූ Zanjeer
  චිත්‍රපටයේ සාර්ථකත්වය ඔහුට සිනමාවේ වාසනාව ගෙන ආවේය. එහි ප්‍රධාන නිළි ජයා බහදූරි, අමිතාබ්ගේ ජීවිතයට වාසනාව ගෙන ආවාය. රිදී තිරයේ පෙම්වතුන්ව සිටි අමිතාබ් – ජයා 1973 වසරේ විවාහ දිවියට එළැඹුණ ද එය තරු පිරිවරා සිදුවූවක් නොව හදිසි විවාහයක් විය. 1963 වසරේදී සත්‍යජිත් රායිගේ Mahanagar චිත්‍රපටයෙන් සිනමා දිවිය ආරම්භ කළ ජයා 1975 වසරේ holay  චිත්‍රපටයෙන් පසුව රංගන දිවියෙන් සමුගත්තේ දරුවන් වෙනුවෙනි. නැවතත් 80 දශකයේදී අමිතාබ් සහ රේඛා ප්‍රධාන චරිත මැවූ Silsila චිත්‍රපටයෙන් ජයා සිනමාවට පිවිසි අතර මේ කාලයේදී සමාජ සේවා කටයුතුවලට ද ඇයගේ දායකත්වය ලැබිණි. අමිතාබ් – ජයාගේ විවාහ ජීවිතද දේදුනු, රෝස මල් පිරි විවාහ ජීවිතයක් නොවීය. විවිධාකාර හැල හැප්පීම් සමඟ මේ ආදර කතාවේත් අඳුරු තැන් ද නැතුවාම නොවේ. රේඛා සහ අමිතාබ් ආදර කතාව නිසා කිහිප වරක්ම බච්චන් කැදැල්ල දෙදරා ගිය පුවත බොලිවුඩයට අමුත්තක් නොවිණි.

 රංගනයෙන් පමණක් නොව ගායනයෙන්ද හොලිවුඩ් සිනමාව රස ගැන්වූ බච්චන්, යොවුන් දස්කම් නඟාසිටුවීමේ අරමුණින් බීබීසීය ගෙන එන The next generation වැඩසටහනට කුඩා කල තමනට බලපෑමක් කළ සිදුවීම් දෙකක් ගැන සඳහන් කර තිබුණේ වසර කිහිපයකට පෙරය. ‘කනගාටුදායක දේ තමයි මගේ හිතේ ලොකු සංවේදනයක් ඇති කළ ඝාතන දෙකක් තියෙනවා. මහත්මා ගාන්ධි, එතකොට මට වයස අවුරුදු පහයි. එතුමාගේ භෂ්මාවශේෂ ගංගා නදියේ පා කිරීමට ගෙනාවේ අපේ නුවරට. අලහබාද් වලට. ඊළඟට අපේ පවුලේ ළඟම මිතුරියක වූ ඉන්දිරා ගාන්ධි ඝාතනය.” යනුවෙන් පවසා තිබිණි. වරක් ඊජිප්තු බලධාරීන්ට ඔහුගේ ගමන් බලපත්‍ර පරීක්ෂාව කයිරෝ නුවර හෝටල් කාමරයක සිදු කරන්නට සිදුවූයේ එරට සිනමා ලෝලීන් ගුවන් තොටුපළ ආක්‍රමණය කළ නිසාය. මෙය ඔහුගේ ජනප්‍රියතාවය ලොව පුරා පැතිර ගොස් තිබූ බවට හොඳම උදාහරණයකි.

 මීට වසර හතරකට පෙර එනම් 2018 වසරේදී ඉන්දීය ගොවීන්ගේ රුපියල් මිලියන 40 ක ණය මුදල් තමන් විසින් ගෙවා දැමූ බව අමිතාබ් බච්චන් ප්‍රකාශ කර තිබිණි. සිය වෙබ් අඩවියේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ තමන් ගොවීන් 1398 දෙනකුගේ ණය ගෙවා දමමින් ඔවුන් ආරක්ෂා කළ බවය. එය ‘යුතුකම් ඉටු කිරීමක්’ ලෙස තමන්ට දැනෙන බව ඔහු සඳහන් කර තිබිණි. මේ ගොවීන් සියලු දෙනා උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පදිංචිකරුවන් වන අතර එය අමිතාබ් බච්චන්ගේ උපන් ප්‍රදේශයයි. එසේම 2018 වසර මුලදී මේ සුපිරි නළුවා මුම්බායි නගරය අයත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ගොවීන් 350 දෙනකුගේ ණය ගෙවා දැමීය. එයින්ම මේ නළුවා ගේ මානව දයාව පිළිබඳ වඩා හොඳ සාක්ෂියක් ලැබෙයි.

 ඇත්තෙන්ම මේ වසර අමිතාබ් හට සුවිශේෂ වසරකි. දිවියේ 80 වැනි කඩඉමට පැමිණීම වෙනුවෙන් දින 4ක විශේෂ චිත්‍රපට උලෙළක් නිවේදනය කර ඇත. ‘Bachchan Back To The Beginning’ නමින් පැවැත්වෙන මෙම උත්සවය ඔක්තෝබර් 8 වැනිදා ආරම්භ වී ඔහුගේ උපන්දිනය යෙදී ඇති අද (11 වැනිදා) අවසන් වේ. ඒ අනුව අමිතාබ් රඟපෑ වාර්තාගත චිත්‍රපට 11 ක එකතුවක් නගර 17 ක ප්‍රදර්ශනය කෙරේ. මෙය සංවිධානය කරනු ලබන්නේ චිත්‍රපට නිෂ්පාදක ශිවේන්ද්‍ර සිංගේ ෆිල්ම් හෙරිටේජ් පදනම මගිනි.

● චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment