අමිල අපොන්සුත් රට හැර ඇමරිකාව දෙසට හැරෙයි

553

කුෂාන් සුබසිංහ

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර කි‍්‍රකට් තරග 12 කට කී‍්‍රඩා කර ඇති දඟපන්දු යවන කී‍්‍රඩක අමිල අපොන්සු ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචියට යෑමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය හිමි කර ගෙන ඇති අමිල එරට කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කිරීමේ අරමුණින් මෙලෙස රට හැර යෑමට නියමිතය. කී‍්‍රඩාවෙන් සමුගන්නා බවට තවමත් නිල ප‍්‍රකාශයක් කර නොමැති අමිල සිය පවුලේ සාමාජිකයන් ද සමග ඇමරිකාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වේ. ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 9 කට සහ පන්දුවාර 20-20 තරග 3 කට කී‍්‍රඩා කර ඇති අමිල 2018 වසරේදී ශී‍්‍ර ලංකාව වෙනුවෙන් පළමු ජාත්‍යන්තර තරගයට කී‍්‍රඩා කළේය. ඊට පෙර ශී‍්‍ර ලංකාව වෙනුවෙන් වයස අවුරුදු 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ, 23 න් පහළ සහ ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායම් නියෝජනය කර ඇති අමිල අවසාන වරට රාගම කී‍්‍රඩා සමාජය නියෝජනය කරමින් දේශීය තරගවලට සහභාගි වූවේය. අමිල අපොන්සුට පෙර ශෙහාන් ජයසූරිය ද පසුගියදා ඇමරිකාවේ පුරවැසිභාවය ලබා ගනිමින් එරට පදිංචිය පිණිස පිටත්ව ගියේය. ඔහු එරට දේශීය කි‍්‍රකට් තරගාවලි සඳහා සහභාගි වන අතර ශී‍්‍ර ලංකා වයස අවුරුදු 19 ක් පහළ කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් ප‍්‍රනාන්දු කී‍්‍රඩකයා ද ඇමරිකාවේ කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම වෙනුවෙන් රට හැර යෑමේ තීරණයට එළැඹ සිටී.

advertistmentadvertistment
advertistmentadvertistment