අමුතු ටියුෂන් වැඩක්

1061

තඹුත්තේගම නගරයේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වාගෙන යන ගුරුවරුන් කීපදෙනකු විසින් තම උපකාරක පන්ති වලට වැඩිපුර ළමුන් ගෙන්වා ගැනීමේ අරමුණින් තඹුත්තේගම නගරය පුරාවට ප්‍රදර්ශනය කර ඇති පුවරුවලින් තඹුත්තේගම ජනතාව මුලාවකට පත්වී ඇති බවට නගර වාසී ජනතාව කියති.

කිසිදු සත්‍යයක් නැතිව, තම පෞද්ගලික පංති වලට වැඩිපුර දරුවන් ගෙන්වා ගැනීමේ අරමුණින් 6, 11 ශේණි සඳහා එන්නත් කරනය එකම තැනකින් යනුවෙන් ප්‍රදර්ශන කර ඇති මෙම රැවටිලිකාර ප්‍රකාශ සහිත පුවරු නිසා දැඩි කොරෝනා අවධානමකින් පෙළෙන ප්‍රදේශයේ ජනතාව දැඩි අපහසුතාවයට පත් වී ඇති බවටත් මෙම පීඩාව සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ද අපේක්ෂා කරන බවට ඇතැම් පිරිස් පවසති.

මෙම දැන්වීම් පුවරු සම්බන්ධයෙන් තඹුත්තේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව් පී එස් එන් වාසල මහතාගෙන් විමසීමේදී ඒ මහතා ද කියා සිටියේ මෙවැනි දැන්වීම් පුවරුවක් තමන්ටද දැක ගැනීමට හැකි වූ බවත් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉතා මහන්සියෙන් කොරෝනා එන්නත් කිරීමේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන තමන්ද මෙම පුවරුව දැකීමෙන් මුලාවකට පත්වූ බවත් මේ වන විටත් එවැනි එන්නත් කිරීමේ වැඩපිළිවෙලක් තිබෙනවාද යන්නෙන් විශාල පිරිසක් දුරකථන මාර්ගයෙන් තම කාර්යාලයෙන් විමසන බවයි

advertistmentadvertistment
advertistmentadvertistment