අමුද්‍රව්‍ය හිඟයෙන් වෙළෙඳ කලාපවල කම්හල් වැහිලා

176

ඇඟලුම් කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟය නිසා කටුනායක, බියගම, වතුපිටිවල, කොග්ගල ආදී ආයෝජන ප්‍රවර්ධන කලාපවල ඇතැම් කර්මාන්ත ශාලාවල සේවකයින්ට දින දහයත් පහළොවත් අතර ගණනක් නිවාඩු ලබා දී තිබේ.

මෙරට මුහුණ පා සිටින දැඩි ආර්ථික අර්බුදයත්, විදේශ විනිමය හිඟයත් නිසා කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක වැඩ නොමැතිව වසා දමා හෝ අර්ධ වශයෙන් වැසී ගොස් ඇතැයි ආයෝජන ප්‍රවර්ධන කලාප නිලධාරීහු සඳහන් කරති. මෙම තත්ත්වය වහා සාමාන්‍ය අතට පත් නොකළහොත් ආයෝජකයින් මෙරට කර්මාන්තශාලා වසා වෙනත් රටවලට යනු ඇතැයි ද, මෙරටට ඩොලර් ලැබෙන ප්‍රමුඛම අංශයක් වන ඇඟලුම් කර්මාන්ත වැසී ගියහොත් විරැකියාව වැඩි වී ඩොලර් අර්බුදය උත්සන්න වී රට බරපතළ අර්බුදයකට යනු ඇතැයි ද ඔව්හු පවසති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment