අමු කහ කිලෝව සීයට බැහැලා – ගොවීහු සාධාරණ මිලක් ඉල්ලති

880

මීට වසරකට පමණ පෙර රජය විසින් දීප ව්‍යාප්තව ආරම්භ කරන ලද කහ වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලබමින් පවතින නමුත් එහි මිල ගැන සෑහීමකට පත්විය නොහැකි බව ගොවීහු පවසති.

රුපියල් 500/=ත් 1000/=ත් අතර මිලකට අලෙවිවූ අමු කහ කිලෝව මේ වනවිට රුපියල් 100/= දක්වා පහත වැටී ඇති බව ගොවීහු පවසති. කහ වගාව සඳහා පසුගිය කාලයේ රජය විසින් ගොවීහු උනන්දු කළත් මේ වනවිට එම උනන්දුව හීන වී ගොස් ඇති බව ගොවීහු පෙන්වාදෙති. මේ පිළිබඳ මහා පරිමාණයේ කහ වගාවේ නිරත වන ගොවියෙකු වන ගලේවෙල පට්ටිවෙල පදිංචි එස්. ඒ. රත්නපාල මහතා මෙසේ පැවැසීය. මම මේවනවිට අක්කර 15ක පමණ කහ වගාකර තිබෙනවා. තව මාස දෙකකින් පමණ එහි අස්වැන්න ලබා ගැනීමට අපේක්ෂා කරනවා. අද වනවිට වෙළඳපොළේ කහ කිලෝවක මිල රුපියල් 100/= දක්වා අඩුවෙලා. කහ කිලෝව රුපියල් 200/=කට වත් අලෙවි කර ගැනීමට රජය විසින් කටයුතු කළහොත් ගොවීන්ට ලොකු සහනයක් වෙනවා. එසේ නොවුවහොත් ඔවුන් අධෛර්යට පත්වී කහ වගාවෙන් ඉවත් වීම වැළැක්විය නොහැකියි. මේ ප‍්‍රදේශයේ ගෙවතු වලද විශාල වශයෙන් කහ වගාකර තිබෙනවා.ඒ නිසා ඔවුන්ට සාධාරණ මිලක් ලබාදෙන මෙන් රජයෙන් ඉල්ලා සිටිනවා.

ගලේවෙල විශේෂ – පී. ගුණතිලක
 

advertistmentadvertistment
advertistmentadvertistment