අමු මිරිස් රු. 800ට නගිද්දී එළවළු මිලත් ඉහළට

546

බදුල්ල නගරයේ අමු මිරිස් කි. ග්‍රැම් 1 ක වර්තමාන සිල්ලර මිල රුපියල් 800 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර සෙසු එළවළු වර්ගවල මිල ද වැඩි වී තිබේ.අඩුම මිලක් ඇත්තේ වට්ටක්කා සහ ගෝවාවලටයි. එය රුපියල් 120 ක් සහ 160 කි. සෙසු එළවළු වර්ගවල මිල රුපියල් 200ට වඩා ඉහළ ගොස් ඇත.

බටු කි.ග්‍රෑම් 1ක් රුපියල් 320 කි. බෝංචි රුපියල් 320 කි. මාළු මිරිස් රුපියල් 400 කි. අර්තාපල් රුපියල් 300 කි. බීට් රුපියල් 240 කි. කරවිල රුපියල් 240 කි. කෙසෙල් මුව රුපියල් 100 කි.හාල්, එළවළු, බිත්තර, මස්, මාළු අධික මිල නිසා දෛනික ආහාරවේල සපයා ගැනීම උගහට වී ඇතැයි අඩු ආදායම් පවුල්වල ජනතාව පවසා සිටිති.

ඖෂධ ගෑස් ඉන්ධන ආදි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පමණක් නොව ප්‍රවාහන වියදම් පවා වැඩිවුවත් පවුලේ ආදායම එක රුපියලකින් වැඩිනොවූ බව තවදුරටත් ඔවුහු පවසා සිටිති.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment