අමෙරිකාව හා ජපානය තමන්ගේ අභියෝගය චීනය බව කියයි

170

තම රටවල් ඇතුළු සිය මිත්‍ර පාර්ශ්වීය රටවල් මේ වනවිට මුහුණ පා සිටින උපායමාර්ගික අභියෝගය වන්නේ චීනය බව අමෙරිකාව සහ ජපානය ප්‍රකාශ කර තිබේ.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මේ බව පවසා ඇත්තේ අමෙරිකානු ජපාන ආරක්ෂක උපදේශ කමිටු හමුවේදීය.

වොෂිංටනයේ පැවැත්වෙන එම හමුව සඳහා අමෙරිකානු ආරක්ෂක ලේකම්වරයා ද සහභාගි වී ඇත. ජපානය වෙනුවෙන් ඊට සහභාගී වී ඇත්තේ එරට ආරක්ෂක අමාත්‍යවරයාය.

එමෙන්ම චීනයේ බලහත්කාරකම් සහ ප්‍රකෝපකාරී ක්‍රියාවලට ජපානය මෙන්ම අමෙරිකාව ද තරයේ විරුද්ධ බව ජපාන විදේශ අමාත්‍යවරයා අවධාරණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment