අඹේවෙල ජලාශයට වැටී ගෝණුන් මියයාමට හේතුව

529

අඹේවෙල ජලාශයට වැටී ගෝණුන් රැසක් මිය යාමට හේතුව දඩයමට පුහුණු කළ සුනඛයින් රංචුවක් බව වනජීවී නිලධාරිහූ අවධාරණය කරති.මෙම සිදුවීම සම්බන්ධයෙන් අද දින වනජීවි වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියගෙන් කරුණු විමසීය.මේ වනවිටත් වනජීවි නිලධාරීන් පිරිසක් අඹේවෙල වනාන්තරයට ඇතුල් වී ඇත.ඔවුන් පවසන අන්දමට මේ කැළයේ විසූ දඩයක්කරුවෙක් බල්ලන් සමූහයක් දඩයමට හුරු කර තිබේ..එම මිනිසා මේ වනවිට මියගොස් ඇතත් කැළෑ වැදී සිටින සුනඛ රංචුව සතුන් පසුපස ලුහු බැඳ දඩයම් කරති.මේ අන්දමින් මීට පෙරද ගෝනුන් හා වෙනත් සතුන් මෙම සුනඛයින්ට බියෙන් දිවි බේරාගැනීමට වැවට පනීම නිසා මියගොස් තිබේ.කෙසේ වුවද මෙම සුනඛ රංචුව සම්බන්ධව වනජීවි නිලධාරීන් පියවරක් ගනු ඇතැයි වනජීවී අමාත්‍යාංශය පවසයි

advertistmentadvertistment
advertistmentadvertistment