අයථා දේපළ නඩුවල භාණ්ඩ විකුණා වෙනම ගිණුමකට

275

අයථා ලෙස උපයා ගන්නා ලද මුදල් වැය කරමින් මිලදි ගත් වාහන, නිවාස හා ඉඩම් ඇතුළු දේපළ සම්බන්ධ නඩුවලදී අදාළ භාණ්ඩ මාස තුනක් ඇතුළත මුදා හැරිය නොහැකි නම් ඒවා අලෙවි කර අදාළ නඩුව නමින් ගිණුමක් විවෘතකර ඊට බැර කිරීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතාගේ අවධානයට යොමු වී ඇත.

ඒ අනුව අදාළ ගිණුමට බැර කරන මුදල් සම්බන්ධව නඩුව අවසන් වූ පසු තීන්දුවට අනුව ක්‍රියා කිරීමට අවශ්‍ය නීති සකස් කිරීමට කමිටුවක් පත් කිරීමට ද ඇමැතිවරයා පියවර ගෙන තිබේ.මාසයක් ඇතුළත අදාළ කමිටුව විසින් නීති සකස් කර වාර්තාවක් ලබාදිය යුතු බවට ද ඇමැතිවරයා උපදෙස් දී ඇත. අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය ඇතුළු අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන්, මුදල් අමාත්‍යාංශය හා පොලිස් දෙපාර්තමේන්තු නිලධාරීන් සමග ඇමැතිවරයා ඉකුත් 16 වැනිදා මේ සම්බන්ධව සාකච්ඡාවක් පවත්වා තිබේ.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment