අයර්ලන්තයට විශිෂ්ට ජයක්

211

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ඊයේ (17 වැනිදා) පැවති තුන්වැනි සහ අවසාන එක් දින තරගයෙන් කඩුලූ 2 ක ජයග‍්‍රහණයක් ලබාගත් අයර්ලන්තය දෙරට අතර පැවති එක් දින තරගාවලිය 2-1 ක් ලෙස ජය ගැනීමට සමත් විය.

 මෙම ජයග‍්‍රහණය අයර්ලන්ත කණ්ඩායම ඇෆ්ගනිස්ථානය සහ සිම්බාබ්වේට අමතරව, ටෙස්ට් තරග කී‍්‍රඩා කරන කණ්ඩායමක් දෙරට අතර තරගාවලියකදී පරාජය කළ ප‍්‍රථම අවස්ථාව ලෙස සටහන් වේ.

 අවසන් තරගයේදී අයර්ලන්තය වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ඇන්ඩි මැක්බ‍්‍රයින් ලකුණු 59ක් සහ කඩුලූ 4ක් දවාගත් අතර තරගාවලිය තුළදී ඔහු ලකුණු 128 ක් සහ කඩුලූ 10ක් දවාගෙන තිබුණි. මේ හේතුවෙන් මැක් බ‍්‍රයින් අවසන් තරගයේ සහ තරගාවලියේද වීරයා වූයේය.

 ලකුණු සාරාංශය

 බටහිර ඉන්දීය කොදෙව් ඉනිම 212/10 අයර්ලන්තය පන්දුවාර 44.5 කදී 214/8

advertistmentadvertistment
advertistmentadvertistment