අයර්ලන්තය පැරදවූ ශී‍්‍ර ලංකාව අද උගන්ඩාව සමග පුහුණුවක

420

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා යොවුන් කණ්ඩායම උගන්ඩා කණ්ඩායමට එරෙහිව අද (12 දා) පුහුණු තරගයක යෙදීමට නියමිතය.

ශී‍්‍ර ලංකාව ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර සහභාගි වන අවසන් පුහුණු තරගය අද පැවැත්වෙන තරගය වන අතර මීට පෙර පැවති පුහුණු තරගයෙන් ලකුණු 128 ක ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ සමත් වූහ.

අයර්ලන්තය සමග පෙරේදා (10 දා) පැවැති එම තරගයේදී ශී‍්‍ර ලංකා යෞවනයෝ නියමිත පන්දුවාර 50 තුළදී ලකුණු 233 ක් ලබාගත් අතර අයර්ලන්තයට ලබාගත හැකි වූයේ සියලූ දෙනා දැවී ලකුණු 105ක් පමණි.

ශී‍්‍ර ලංකා කණ්ඩායම වෙනුවෙන් එහිදී ශෙවොන් ඩැනියල් නොදැවී ලකුණු 75ක් ද, රනුද සෝමරත්න ලකුණු 33ක් ද, පවන් පතිරාජ ලකුණු 25ක් ද ලබා ගත්හ. පන්දු යැවීමේදී අයර්ලන්ත කඩුලූ 3ක් ලකුණු 05 කට බිඳ දැමීමට වනුර සහන් සමත් වූ අතර චමිදු වික‍්‍රමසිංහ, රවින්ද සිල්වා සහ මතීෂ පතිරණ කඩුලූ 2 බැගින් දවා ගත්හ.

යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය අනිද්දා (14 දා) ආරම්භ වීමට නියමිත අතර ශී‍්‍ර ලංකාව ස්කොට්ලන්තය සමග තරග වැදීමට නියමිතය.

advertistmentadvertistment
advertistmentadvertistment