අයවැයෙන් යෝජිත සහන මල්ල දීමට රජයෙන් උපදෙස්

160

2022 අයවැයෙන් ප‍්‍රකාශයට පත්කළ ‘සහන මල්ල’ ලබාදීමේ වැඩසටහන කි‍්‍රයාත්මක කිරීම සඳහා රජය විසින් වෙළෙඳ අමාත්‍යාංශයට උපදෙස් ලබාදී ඇත.

අයවැයෙන් වෙන්කළ රුපියල් මිලියන 15,000 ක මුදල ප‍්‍රයෝජනයට ගෙන මේ සහන මල්ල ලබාදීමේ වැඩසටහන ආර්ථික වශයෙන් ඉතා දිළිඳු පවුල් තෝරාගෙන දියත් කළ යුතු බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.

ඉතාම අමාරුවෙන් ජීවත්වන පවුල්වලට ජීවනාධාරයක් ලෙස මෙය ලබාදෙන බවත් මේ යටතේ ලබාදෙන සහන කූපන් පතින් සියයට 50 ක් දේශීය ද්‍රව්‍ය මිලදී ගැනීම වෙනුවෙන් වියදම් කිරීම අනිවාර්ය කිරීමට බලාපොරොත්තු වන බවත් මුදල් ඇමැතිවරයා තවදුරටත් පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
 

advertistmentadvertistment
advertistmentadvertistment