අයවැයෙන් විසඳුමක් දෙන්න අගමැතිව එකගවුණා – ස්ටාලින් කියයි

192

ගුරු විදුහල්පති වැටුප් විෂමතාව විසඳන ලෙස බලකරමින් දින 118 ක් ගුරු විදුහල්පති ශ්‍රේණි ගෙනගිය අරගලයට මෙවර අයවැයෙන් විසඳුමක් ලබාදීමට ඊයේ (10 දා) අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා එකඟතාව පළ කළ බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

 අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ, අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන ඇතුළු ඇමැතිවරුන් කිහිපදෙනකු සමග ඊයේ (10 දා) ගුරු සංගම් නියෝජිතයන් සාකච්ඡුාවක් පැවැත්වූ බවත් එහිදී අදියර තුනකින් වැටුප් වැඩි කිරීම වෙනුවට එකවර එම කොටස් තුනම ලබාදීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කරන බව මුදල් ඇමැතිවරයා ප‍්‍රකාශ කළ බවත් ස්ටාලින් මහතා කීය.

 ගුරු විදුහල්පති සංගම් විසින් ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම සඳහා සුභෝධනී කමිටු වාර්තාව කි‍්‍රයාත්මක කරන ලෙස බලකරමින් උද්ඝෝෂණ පෙළපාලි, වැඩ වර්ජන ඇතුළු නොයෙක් විරෝධතා පැවැත්වූ බවද ඔහු කීය. මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කිරීම සඳහා කැබිනට් අනුකමිටුවක් පත් කළ බවත් එහිදී වැටුප් විෂමතාවය ඉවත් කිරීම සඳහා අදියර තුනක් නිර්දේශ කර එයද කොටස් තුනකින් ගෙවීමට රජයේ පාර්ශ්ව ප‍්‍රකාශ කළත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති එයට එකඟ නොවූ බවද ස්ටාලින් මහතා කීය.

 එවැනි වාතාවරණයක් තුළ කැබිනට් අනු කමිටුව අදියර තුනකින් යෝජනා කළ අදියර එකවර ලබාදීමට අගමැතිවරයා එකඟතාව පළ කළ බවද ඔහු කීය.

 චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment