අයවැයෙන් වෙන් කළ මුදල් ඡන්දයට නොදුන්නාට සජබයෙන් පෙත්සමක්

60

2023 වසරේ අයවැයෙන් වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදනවලින් ඉදිරි පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මුදල් මැතිවරණ කොමිෂන් සභාව වෙත නිකුත් නොකිරීමට ගෙන ඇති තීරණය මගින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නිගමනය කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා හා සාමාජිකයනස් ඇතුළු පිරිසක් නම් කර ඇත.

පාර්ලිමේන්තුව විසින් අදාළ වර්ෂයට වෙන් කළ මූල්‍ය ප්‍රතිපාදන ඒ සඳහා භාවිතා කිරීම අනිවාර්ය කර තිබියදී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු වගඋත්තරකරුවන් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතිවා සේම සර්වජන ඡන්දය භාවිතා කිරීමේ අයිතිය ද උල්ලංඝනය කර ඇතැයි පෙත්සම්කරු එමගින් පෙන්වාදී තිබේ.

එකී කරුණු ඉතා හදිසි කටයුත්තක් සේ සලකා කඩිනමින් කැඳවීමට දින නියම කරන ලෙසටත් පෙත්සම්කාර රංජිත් මද්දුම බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment