අයවැය එනතුරු බලනවා නැතිනම් අපි වැඩ වරනවා… පදියතලාවේ ගුරු-විදුහල්පතිවරු පාරට බැස කියති

164

වසර විසි හතරක් තිස්සේ නොවිසදුන වැටුප් විෂමතාවය ඇතුළු ගුරු-විදුහල්පති ගැටළුවලට වහාම විසදුම් ලබා දෙන ලෙස ආණ්ඩුවට බල කිරීමේ විරෝධතාවයක් පෙරේදා (25) සවස 2.45 ට පමණ පදියතලාව නගර මධ්‍ය යේදී පැවැත්විනි.

ගුරු- විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව විසින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබූ අතර සියයකට අධික ගුරු- විදුහල්පතිවරු පිරිසක් මෙයට එක්ව සිටියහ.

‘‘අයවැය එනතුරු බලනවා-නැතිනම් අපි වැඩ වරනවා…’’

‘‘විෂමතාව විසඳන තුරු

අපේ සටන ගෙන යනවා…’’

‘‘කොවිඞ් වලට මුවා වෙලා

පොලිස් ඇමැති ගුගුරනවා

ගුරුවරුන්ව හිර කරලා

බය කරන්න දත කනවා…’’ ආදි වශයෙන් ගුරුවරුන්ගේ සටන් පාඨවලින් පදියතලාව නගරයම දෙදරුම් කන තරම් විය.

උද්ඝෝෂණය අවට පොලිස් මුරකාවල් තර කර තිබූ අතර නගරයේ ජනතාවද උද්ඝෝෂණය අවට රැුදෙමින් සිටිනු දක්නට ලැබිනි. පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂණයේ නිරත ගුරු විදුහල්පතිවරු බස් නැවතුම් පොළට රැුස් වී කෙටි ජන හමුවක් පැවැත්වීය. එහිදී ජනහමුව ඇමතූ ලංකා ගුරුසේවා සංගමයේ නැගෙනහිර පළාත් ලේකම් අනුර රාජපක්ෂ මහතා ‘‘අපි ආණ්ඩුවට ලබන 12 වැනිදා වෙද්දි පොඩි චාන්ස් එකක් දෙනවා. හැබැයි මෙවර අයවැයෙන් සුබෝධනී කමිටු වාර්තාවට අනුව නවයෙන් එකක් නෙවෙයි තුනෙන් එකක් නොදුන්නොත් අපි එදාට ළමයින්ගෙ දෙමාපියන් ඇතුළුව වෘත්තීය සමිති සියල්ලම කැන්දගෙන අන්තිම සටනට බහිනවා. එච්චර දුර යන්න එපා නම් අපේ ඉල්ලීම් වහාම ලබා දියව්…! යනුවෙන් පැවසීය. විදුහල්පති සංගමය වෙනුවෙන් වසන්ත පොන්නම්පෙරුම, ලංකා ගුරුසේවා සංගමයේ මහඔය කලාප ලේකම් ජී.එම්. සිරිවර් ධන යන මහත්වරුද මෙම සභාව ඇමතීය.

පදියතලාව විශේෂ – භාෂණ සත්‍යප‍්‍රිය

හෝමාගම

අයවැය එනතුරු බලනවා නැතිනම් අපි වැඩ වරනවා... පදියතලාවේ ගුරු-විදුහල්පතිවරු පාරට බැස කියති

හෝමාගම අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සංවිධානය කළ විරෝධතාවයක් හෝමාගම නගර මධ්‍යයේ( 25* දින පස්වරුවේ පැවැත්වුණි. එම අවස්ථාවට හෝමාගම අධ්‍යාපන කලාපයේ ගුරු විදුහල්පතිවරු විශාල පිරිසක් සහභාගි වූහ.

පාදුක්ක – නීල් රාජපක්ෂ
 

advertistmentadvertistment
advertistmentadvertistment