අයවැය ඡන්දය අද

63

මුදල් ඇමැතිවරයා විසින් 2022 වසර සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයට අදාළව කාරක සභා අවස්ථාවේ විවාදය අද (10දා) අවසන් වන අතර ඒ පිළිබඳ ඡුන්ද විමසීම අද සවස 05 ට පමණ සිදු කෙරේ.

 බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැති ලෙස පත්ව සිය මංගල අයවැය යෝජනාවලිය පසුගිය නොවැම්බර් මස 12 දා ඉදිරිපත් කළ අතර, ඉන් පසුව අයවැය දෙවැනි වර කියවීමේ විවාදය දින 07ක් පවත්වා ඡුන්ද විමසීම සිදු කෙරිණි. එහිදී අයවැයට පක්ෂව ඡුන්ද 153 ක් ද, විරුද්ධව ඡුන්ද 60 ක්ද පළ විය.

 එම ඡුන්ද විමසීමෙන් අනතුරුව එක් එක් අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ පිළිබඳව කාරක සභාවේ විවාදය ආරම්භ වූ අතර එය දින 16ක් පුරාවට පැවැත්විණි. එහි අවසන් දිනය වන අද මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදය පැවැත්වෙනු ඇත.

 අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment