අයවැය නොවැ: 12… අවසන් ඡන්ද විමසීම දෙසැ: 10 දා

81

2022 වසර සඳහා වූ අයවැය ලබන නොවැම්බර් මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ.

කැබිනට් මණ්ඩලය ඊයේ (11වැනිදා) රැස්වූ අවස්ථාවේ ඇමැතිවරයා මෙම දැනුම් දීම කර ඇත.

ඒ අනුව නොවැම්බර් 13 වැනිදා සිට 23 වැනිදා දක්වා ඉරිදා දිනයන් හැර අන් සෑම දිනයකම අයවැය පළමුවර කියැවීමේ විවාදය පැවත්වීමට නියමිතව ඇත.

නොවැම්බර් 23 වැනිදා අයවැය දෙවැනිවර කියැවීම සිදු කෙරෙන අතර ඉන් අනතුරුව දෙසැම්බර් 10 වැනිදා දක්වා කාරක සභා අවස්ථාව පවත්වා එදින පස්වරු 5.00 ට අවසන් ඡුන්ද විමසීම සිදු කෙරෙන බවද මුදල් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment