අයවැය යෝජනා කලින් හෙළි කරන්නේ නෑ; ඇමැති දිනේෂ් ගුණවර්ධන

89

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීමට ඉදිරි අයවැයෙන් ගෙනඑනු ලබන යෝජනා කවරේදැයි කියා කලින් ප‍්‍රකාශයට පත් කරන ලෙස ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.

එසේ වෘත්තීය සමිති නායකයන් වෙත කලින් ප‍්‍රකාශ කළහොත්, සාකච්ඡා කොට යම් එකඟතාවකට පැමිණීමට වෘත්තීය සමිතිවලට සහ රජයට හැකියාව තිබෙන බැවින් හැකි නම් එලෙස විසඳුම් කලින් ඉදිරිපත් කරන ලෙස ද හෙතෙම ඉල්ලීය. 27/2 යටතේ විමසනු ලැබූ විශේෂ ප‍්‍රකාශයක් අතරතුර ඒ මහතා අදාළ ඉල්ලීම කළේය.

එහිදී අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන සහ අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් කියා සිටියේ මෙම ගැටලූව සම්බන්ධව ඕනෑම අවස්ථාවකදී සාකච්ඡුා කිරීමට සූදානම් බවය.

එහෙත් අයවැය යෝජනා කලින් හෙළි කිරීමේ සම්ප‍්‍රදායක් නැතැයි ද එම මහත්වරු අනුර කුමාර දිසානායක මන්තී‍්‍රවරයා වෙත පැවසූහ. මේ අතර දීර්ඝ කාලයක් තිස්සේ නැවතී තිබෙන පාසල් අධ්‍යයන කටයුතු නැවත ආරම්භ කිරීම වෙනුවෙන් සිය පක්ෂය ආණ්ඩුවට සහාය දීමට සූදානම් යැයි ද විශේෂ ප‍්‍රශ්නය අතරතුර අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment