අයවැය යෝජනා

284

විදුලි සංදේශ ආවරණ ජාලයක් කඩිනමින් ඇති කර දිවයිනේ සියලූ පාසල් එනම් දසදහස් එකසිය පනස්හය සඳහා සයිබර් තාක්ෂණය මගින් අධිවේගී අන්තර්ජාල සබඳතා ලබාදීමට මූල්‍ය හා තාක්ෂණික පහසුකම් ලබා දෙයි.

ති‍්‍රරෝද රථ නියාමන අධිකාරියක් පිහිටුවීම

විශ‍්‍රාම වැටුප් නොලබන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට දායක විශ‍්‍රාම වැටුප් ක‍්‍රමයක් ඇති කිරීම

වසවිසවලින් තොර වල් නාශක පරිහරණ ක‍්‍රම දිරිගැන්වීමට හෙක්ටයාර් දෙකක උපරිමයකට යටත්ව හෙක්ටයාරයකට රුපියල් 5000 බැගින් ආධාර මුදලක්.

අත් යන්ත‍්‍ර බතික් ඇතුළු පේෂ කර්මාන්ත දියුණුවට රුපියල් මිලියන 1000 ක් වෙන් කෙරේ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කලාප පිහිටුවීමට රුපියල් මිලියන 5000 ක්

සිගරට් මිල රුපියල් 5 කින් වැඩි කෙරේ.

අභ්‍යාසලාභී උපාධිධාරීන් සියලූ දෙනාට ජනවාරි මාසයේ සිට ස්ථිර පත්වීම්

සුරාබදු වැඩි කෙරේ

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට රුපියල් මිලියන 3000 ක්

පාසල් වෑන් රථ හිමියන්ට සහන දීමට රුපියල් මිලියන 40 ක්

ති‍්‍රරෝද රථ හිමියන්ට සහන දීමට මිලියන 700 ක්

පෞද්ගලික බස් හිමියන්ට සහන දීමට මිලියන 1500 ක්

ගර්භනී මවුවරුන්ගේ පෝෂණ මල්ල දීමනාව මාස 10 සිට 24 දක්වා දීර්ඝ කිරීම

රුපියල් මිලියන 2000 ට වඩා ආදායමක් උපයන තැනැත්තන්ගෙන් හෝ සමාගම් මත එක් වරක් පමණක් සියයට 25 ක අධිභාර බද්දක් අය කෙරේ.

බැංකු හා මූල්‍ය සේවා ආයතන විසින් මූල්‍ය සේවා සැපයීම සම්බන්ධයෙන් අගය එකතු කිරීම මත අය කරන බද්ද සියයට 15 සිට 18 දක්වා වැඩි කෙරේ.

රුපියල් මිලියන 120 ක් ඉක්මවන අයගෙන් සියයට 2.5 ක සමාජ සංරක්ෂණ දායක මුදලක් අය කිරීම

වාහන නවීකරණයේදී හෝ වැඩි දියුණු කිරීමේදී ගාස්තුවක්

advertistmentadvertistment
advertistmentadvertistment