අයවැය සංශෝධිත කෙටුම්පත හෙට එයි

148


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිත සභාව කල් තබන අවස්ථාවේ තෙදින විවාදය හෙට (09) පස්වරු 01ට ආරම්භ කෙරේ.

පාර්ලිමේන්තු වාර අවසාන කෙරුණු පසුව නැවත පාර්ලිමේන්තුව විවෘත කරමින් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට පසුගිය 03 වැනිදා ඉදිරිපත් කළේය.
මේ අතර අයවැය සංශෝධිත පනත් කෙටුම්පත හෙට (09) ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

විසි දෙවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට අනිද්දා (10) ඉදිරිපත් කෙරෙනු ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment