අයහපත් කාලගුණයෙන් නුවරඑළියේ මරණ 2ක් 118 දෙනෙක් විපතට

64

පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් දෙදෙනකු මියගොස් පවුල් 27 ක පුද්ගලයන් 118 දෙනකු විපතට පත්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ වලපනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ බෲක් සයිඩ් සහ ගල් උඩපතන ග්‍රාම නිලධාරි වසම්වල ගස් කඩා වැටීමෙන් මෙම පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇති බවය.

එමෙන්ම මෙම දිස්ත්‍රික්කයේ පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් වලපනේ හා හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශවල නිවාස 23 කට අර්ධ හානි සිදුව ඇති බවත් මෙකී අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් විපතට පත් පිරිසට කඩිනමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගන්නා ලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බවත් නන්දන ගලබඩ මහතා වැඩිදුරටත් පැවසීය.

හැටන් – මනුර සුදත් සෙල්ලහේවා

advertistmentadvertistment
advertistmentadvertistment