අයහපත් කාලගුණය කොළඹ – පුත්තලම දුම්රිය බංගදෙණියට සීමා කරයි

126

පුත්තලම – කොළඹ දුම්රිය මාර්ගයේ හලාවත පුත්තලම අතර දුම්රිය මාර්ගයට පැවති අයහපත් කාලගුණයෙන් දැඩි ලෙස හානි සිදුවී ඇත.

ඉහළ ප‍්‍රදේශවලට ලැබුණු දැඩි වර්ෂාපතනය හේතුවෙන් ගලා ආ ජලයෙන් දුම්රිය මාර්ගයට මෙලෙස හානි සිදු වී තිබේ. මංගලඑළිය සහ මූන්දලම අතර දුම්රිය මාර්ගයේ මීටර් 100 ක් පමණ ස්ථාන කීපයකදී හානියට පත්ව ඇති ආකාරයක් දක්නට ඇත. මීට පෙර මෙම ප‍්‍රදේශයට වැසි ලැබී ජලයෙන් යටවී ගියත් කිසිදු දිනක මේ ආකාරයට දුම්රිය මාර්ගයට හානි සිදු වී නොමැති බව ප‍්‍රදේශවාසීන් සඳහන් කරයි.

සිල්පර කොටන් ඇතැම් ස්ථානවල දුම්රිය මාර්ගයට ආ ජල කඳත් සමග ජලයේ ගසාගෙන ගොස් ඇති අතර මෙලෙස දුම්රිය මාර්ගයට හානි වීම නිසා කොළඹ – පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය බංගදෙණිය දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර තිබේ.

පුත්තලම – නලීන් හෙන්දුරුගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment