අයිඑම්එෆ් ණය ගන්න රජයෙන් සැලසුම් වාර්තාවක්

199

පැවති අයිඑම්එෆ් සාකච්ඡා වටයෙන් පසු ඉදිරි පියවර ලෙස ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ණය තිරසාරභාවය පිළිබඳ සැලසුම් වාර්තාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර ඇත.

මේ සඳහා පත් කර ඇති මූල්‍ය සහ නීති විශේෂඥයන් වන ලසාඩ් සහ ක්ලිෆඩ් චාන්ස් සමාගම් දැන් ඒ වාර්තාව සකස් කරමින් සිටින බව වාර්තා වේ.

මේ අනුව ඉදිරි අගෝස්තු මාසයේ දී පමණ එම වාර්තාව සකස් කර එය මූල්‍ය අරමුදල වෙත ඉදිරිපත් කළ හැකි වනු ඇතැයි රජය බලාපොරොත්තු වේ.

එම වාර්තාව ඉදිරිපත් කිරීමෙන් පසුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකමක් ලබා ගැනීමට අදාළව එම අරමුදලේ නියෝජිතයන් සමග මාණ්ඩලික මට්ටමේ එකඟතාවකට එළඹීමට අපට හැකි වනු ඇත.

ඉන් පසු එම මාණ්ඩලික එකඟතාව අයි.එම්.එෆ්. විධායක අධ්‍යක්ෂ මණ්ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර එහි අනුමැතිය ලැබීමෙන් පසු අපට ලැබෙන විස්තීරණ ණය පහසුකමේ පළමු ණය වාරිකය මුදාහැරීමට නියමිතය.

මේ සඳහා වසර 4 ක කාලයක් සඳහා විස්තීරණ ණය ආධාර වැඩපිළිවෙළක් සකස් කෙරෙන බව ද දැන් ගමන් කරමින් සිටින්නේ ඒ මාර්ගයේ බව ද අග්‍රාමාත්‍ය සහ මුදල් ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment