අයිඑම්එෆ් නි. කළමනාකරණ අධ්‍යක්‍ෂ ශ්‍රී ලංකාවේ සංචාරයක

69

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් මණ්ඩලයේ නියෝජ්‍ය කළමනාකරණ අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

අද (31) හා හෙට (ජූනි 01) දෙදින ඒ මහතා මෙරට සංචාරය කරයි. මෙම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩපිළිවෙළෙහි මෑත කාලීන ප්‍රවණතා, ඉදිරියේ ආර්ථිකය සවිබල ගැන්වීමට ඇති අවස්ථා සහ ඊට ඇති බාධා හා ප්‍රමාදයන් අවම කරගැනීමේ ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට ද නියමිතව ඇත.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment