අයිඑම්එෆ් යන තිදෙනාට පාර්ලිමේන්තු බලය දෙමු

986

පාර්ලිමේන්තුවට සම්පූර්ණ මූල්‍ය බලය ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග හෙට (11දා) පවත්වන සාකච්ඡා සඳහා යන නියෝජිතයන් තිදෙනාට ඊට අවශ්‍ය බලය හා අනුමැතිය පාර්ලිමේන්තුව රැස්වී ලබාදෙමු යැයි හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පෙරේදා (08දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලට සහාය පිණිස ලබන 11 වැනිදා පාර්ලිමේන්තුව රැස්වී සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාදෙමු යැයි ද ඒ මහතා කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවත්වන සාකච්ඡා ඉතාම වැදගත් බවද එම සාකච්ඡා ආරම්භ වූ පසුව රටට අවශ්‍ය අතිරේක ණය මුදලක් ලෝක බැංකුවෙන් හා ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ලබාගත හැකි නිසා ඒ සඳහා ද සූදානම් විය යුතු බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුවට තිබූ බලතල ලබාගෙන පාර්ලිමේන්තුව අවශ්‍ය තීන්දු තීරණ ගමු. ඇමැති මණ්ඩලයක් පත් වුණොත් ඔවුනුත් පාර්ලිමේන්තුවට පැමිණ තීන්දු තීරණවලට සහාය වෙන්න රාජ්‍ය මූල්‍ය කමිටුවේ බලතල වැඩි කරමු.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment