අයිඩියල් මෝටර්ස් සමාරම්භක දිනය වෙනුවෙන් ලේ දන්දීමේ වැඩසටහනක්

80

මෙරට අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම පිණිස අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබ සාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ලේ දන් දීමේ වැඩසටහනක් පසුගියදා ඉතා සාර්ථකව පැවැත්විණි.

 අංක 75 කඳවල පාර රත්මලාන පිහිටි අයිඩියල් මෝටර්ස් ප්‍රධාන වැඩ බිමේදී පවත්වන ලද මෙම ලේ දන්දීමේ වැඩසටහන ඉකුත් 03 වැනිදා පවත්වනු ලැබූයේ අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සමාරම්භක දිනය වන සැප්තැම්බර් 05 වැනිදා මූලික කරගනිමින් හා අයිඩියල් ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය නිමිති කරගෙනය.

 අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගමේ සුබ සාධකය සංගමය හා කාර්ය මණ්ඩලය විසින් මෙම ලේ දන්දීමේ වැඩසටහන සංවිධානය කර තිබූ අතර එය මෙවර පැවැත්වූයේ 07 වැනි වරටය. අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත සුවපත් කිරීම වෙනුවෙන් රටට අවැසි මොහොතක අයිඩියල් මෝටර්ස් විසින් මෙවැනි සත්කාරයක් සංවිධානය කිරීම කාගේත් පැසසුමට ලක්වූ කරුණක් විය.

 සිය ආයතනික සමාජ සේවා මැනවින් හදුනාගෙන ඇති අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම මීට පෙරද කෝවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය ආරම්භ වූ 2020 වර්ෂයේදී ද සමාජ සුබසාධන සේවා කීපයක්ම ක්‍රියාත්මක කරනු ලැබීය. ඒ අනුව පසුගිය වසරේ මාර්තු මාසයේ කෝවිඩ් 19 වෛරසයේ ආරම්භක අදියරේදී මුල්ලේරියාව මූලික රෝහලට කඩිනමින් අවශ්‍ය කර තිබූ රෙදි සෝදන යන්ත්‍ර හා කසල බදුන් පරිත්‍යාගයක් ව්‍යාපාර සමූහයේ සභාපති නලීන් වෙල්ගම මහතාගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.

 ඊට අමතරව එම වසරේම ජුනි මාසයේදී කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට අත්‍යවශ්‍යව තිබූ, හෘද රෝගීන්ගේ දත්ත ගබඩා කිරීමට අවශ්‍ය ලැප්ටොප් පරිගණක හයක පරිත්‍යාගයක්ද සිදු කෙරිණි.

 එමෙන්ම සෞඛ්‍ය සේවයේ කාර්ය මණ්ඩය සදහා අවශ්‍ය පුද්ගලික ආරක්‍ෂණ ඇදුම් හා උපාංග තොගයක්ද ගංගාරාම විහාරස්ථනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරීම හා අයිඩියල් මෝටර්ස් පුද්ගලික සමාගම විසින් මහින්ද්‍රා ගිලන් රථයක් මධුර විතාන පදනම වෙත පරිත්‍යාග කිරීම ඒ අතර වේ.

 මීට අමතරව අයිඩියල් මෝටර්ස් විසින් ක්‍රියාත්මක කළ සමාජ සුබසාධන ව්‍යාපෘති අතර, පානීය ජල අවශ්‍යතාවයෙන් පීඩා විදි නාමල්පුර ප්‍රදේශයේ පවුල් 1500ක් සදහා පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, නොච්චියාගම, තල්ගස්වැව, විද්‍යාරවින්ද විදුහලේ පාසල් දරුවන්ට අවශ්‍ය සියලුම පොත්පත්, බෑග්, පාවහන් හා පාසලට පානීය ජලය ලබාදීම, කෙවිටියාගල, දියපත්තුගම විහාරස්ථනයේ බෝ මලුව ඉදිකර, බුද්ධ ප්‍රතිමා වහන්සේනමක් පූජා කිරීම, දියපත්තුගම එස්. ඒ. වෙල්ගම ප්‍රාථමික විදුහලට අවශ්‍ය පරිගණක ලබාදීම, කතරගම දේවාලයට සහ අනුරාධපුර අටමස්ථානාධිපති හිමියන්ට මහින්ද්‍රා ඉලෙක්ටි්‍රක් ත්‍රිරෝද රථ පරිග්‍යාග කිරීම ඒ අතර වේ.

advertistmentadvertistment
advertistmentadvertistment