අයිඩියල් ෆස්ට් චොයිස් නවතම අමතර කොටස්  අලෙවි ශාඛාව කුරුණෑගලදී විවෘත කරයි

143

අයිඩියල් සමූහ ව්‍යාපාරය යටතේ ක්‍රියාත්මක අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන මගින් ක්‍රියාත්මක කරන විවිධ මාදිලිවල වාහන අමතර කොටස් අලෙවි මධ්‍යස්ථානයක් පසුගියදා කුරුණෑගල අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථානයේදී විවෘත කරනු ලැබීය.

නො.167/1, කොළඹ පාර, වඳුරාගල, කුරුණෑගල යන ලිපිනයේ පිහිටි අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථානයේදී මෙම නවතම අමතර කොටස් අලෙවි ශාඛාව විවෘත කෙරිණි.

විවෘත කෙරුණු නවතම අමතර කොටස් අලෙවි ශාඛාව මගින් දැන් පාරිභෝගිකයන්ට සියලුම මාදිලිවල යතුරුපැදි, ත්‍රිරෝද රථ අමතර කොටස් ද විශ්වාසවන්ත වගකීමක් සහිතව ලබාගත හැකිය.

එමෙන්ම මෙම අමතර කොටස් ශාඛාව මගින් සියලුම ඩීසල් වාහන සඳහා අවශ්‍ය BOSCH ‍ අමතර කොටස් හා අයිඩියල් ෆස්ට් චොයිස් විසින් මෑතකදී හඳුන්වා දෙනු ලැබූ ලිහිසි තෙල් සන්නාමය වන Gulf Lubricants පාරිභෝගික ජනතාවට ලබාගැනීමට හැකියාව ලැබෙනු ඇත.

විවෘත කරනු ලැබූ මෙම අමතර කොටස් අලෙවි ශාඛාවෙන් පාරිභෝගිකයන් හට අමතර කොටස් මිලදී ගැනීමට අමතරව වාහන අමතර කොටස් අලෙවිසල් හිමියන්හට ද අමතර කොටස් තොග වශයෙන්ද මිලදී ගැනීමේ හැකියාව පවතී.

ඒ අනුව සියලුම මාදිලිවල වාහන අමතර කොටස් වෙළෙඳපොළේ තරගකාරී මිලකට මිලදී ගැනීමට දැන් කුරුණෑගල හා ඒ අවට ප්‍රදේශවල පාරිභෝගික ජනතාවට අවස්ථාව උදාවී තිබේ.

එමෙන්ම ඉදිරියේදී දිවයින පුරා අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන මගින් මෙවැනි වාහන අමතර කොටස් අලෙවි ශාඛා විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද අයිඩියල් ෆස්ට් චොයිස් සඳහන් කරයි. දිවයින පුරා පිහිටා ඇති අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන 13ක් මගින් විවිධ මාදිලිවල වාහන සඳහා මේ වන විට සේවා සපයනු ලබයි.

advertistmentadvertistment
advertistmentadvertistment