අයින්ස්ටයින්ගේ සිහින ලියූ ලෝක ප්‍රකට ලේඛකයා ශ්‍රී ලංකාවේ

60

භාෂා 30කට පරිවර්තනය වූ ලෝක ප්‍රසිද්ධ “අයින්ස්ටයින්ගේ සිහින” ග්‍රන්ථයේ කතුවරයා වූ ඇමරිකාවේ බී.ටී.අයි.ටී. විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ඇමරිකානු භෞතික විද්‍යාඥ ආචාර්ය ඇලස් ලයිට්මන් මහතා පසුගියදා මෙරට සංචාරයකට පැමිණියේය.

විද්‍යාව, ඇදහිල්ලේ භූමිකාව, මිනිස් ස්වභාවයේ ආශ්චර්යය, බිඳෙන සුළු බව හා ජීවිතය යන මැයෙන් කොළඹ ඇමරිකානු මධ්‍යස්ථානයේ පැවැති විශේෂ දේශනයකට සහභාගි වූ ආචාර්ය ලයිට්මන් මහතා ජයන්ත ප්‍රේමචන්ද්‍ර පදනම මගින් සංවිධාන කළ ප්‍රදර්ශනයක් විවෘත කිරීමේ අවස්ථාවට ද එක්විය.

ආචාර්ය ලයිට්මන් මහතාගේ දේශනයට සහභාගි වූ ජනාධිපති ආර්යා මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජුලි චංග් යන මහත්මිය ඇතුළු පිරිස ඡායාරූපයේ දැක්වේ.

අයින්ස්ටයින්ගේ සිහින ලියූ ලෝක ප්‍රකට ලේඛකයා ශ්‍රී ලංකාවේ
advertistmentadvertistment
advertistmentadvertistment