අයිපීඑල්වලට නැවතත් කොවිඞ් රිංගයි

326

2021 අයිපීඑල් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ වේග පන්දු යවන කී‍්‍රඩක ටී. නටරාජන් හට කොවිඞ් 19 රෝගය ආසාදනය වී ඇතැයි වාර්තා වේ. නටරාජන් හා සමීප ආශි‍්‍රතයන් ලෙස හයදෙනකු හඳුනාගෙන ඇති අතර ඔවුන් ද නිරෝධායනයට ලක්කර ඇත.

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය ඊයේ (22 වැනිදා* පැවැත්වීමට නියමිතව තිබූ අතර නටරාජන් සහ ආශි‍්‍රතයන් නොමැතිව තරගය පවත්වා ගෙන යෑමට සංවිධායකවරු තීරණයකට එළඹ සිටියහ. නටරාජන්ගේ සමීපමතයන් ලෙස තුන් ඉරියව් කී‍්‍රඩක විජේ ශංකර්, කණ්ඩායම් කළමනාකරු විජේ කුමාර්, භෞත චිකිත්සක ශ්‍යාම් සුන්දර්, දොස්තර අන්ජානා වන්නා, සහායක පන්දු යවන්නකු වන ජී. පෙරියසාමි සහ සහාය කාර්ය මණ්ඩලයේ තුෂාර් කේඞ්කාර් හඳුනාගෙන ඇත.

2021 අයිපීඑල් දෙවැනි අදියරේ පළමු කොවිඞ් ආසාදිත පුවත මෙය වූ අතර 2021 අයිපීඑල් තරගාවලිය කොවිඞ් ප‍්‍රශ්නයක් හේතුවෙන් පසුගිය මැයි මාසයේ නතර කර නැවත දෙවැනි අදියර ලෙස පසුගිය ඉරිදා ආරම්භ විය.

ශී‍්‍ර ලංකාවේ හිටපු සුපිරි සඟ පන්දු යවන කී‍්‍රඩක මුත්තයියා මුරලිදරන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන අතර ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අධ්‍යක්‍ෂ ටොම් මූඩි මහතා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment