අයියා බැණ වැදුණැයි මල්ලී දිවි නසාගෙන

389

බටපොල කල්‍යාණතිස්ස විදුහලේ 09 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක් ඊයේ (27 දා) පෙරවරුවේ සිය නිවසේදී ගෙල වැළලාගෙන මිය ගොස් ඇති බව බටපොල පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ දෙල්ගහබැද්ද, බටපොල පදිංචි අන්තෝනිගේ නිමාෂ තීක්ෂණ නමැති 14 වියැති සිසුවෙක් බව බටපොල පොලිසිය සඳහන් කරයි.

මෙම දරුවාගේ මව විදේශගතව සිටින අතර පියා හා වැඩිමල් සහෝදරයා සමගින් සිය නිවසේ ජීවත්ව ඇත. දරුවාගේ වැඩිමහල් සහෝදරයා විසින් ඔහුට බැණ වැදීමක් සිදුකර ඇති අතර එයට සිත්තැවුලෙන් සිට ලිපියක්ද ලියා තබා මෙසේ එල්ලී මියගොස් ඇති බව පොලිසිය කියයි. මේ වනවිට සිසුවාගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බලපිටිය රෝහලට රැගෙන ගොස් ඇත. බටපොල පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.
නියාගම – විල්සන්ට් විජේසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment