අයියා මීට මාස 4 කට පෙර ගුරුවරියක හා විවාහ වුණා කොස්තාපල් කසුන්ගේ සොහොයුරිය කියයි

652

තිරුක්කෝවිල් පොලිස් ස්ථානය තුළදී දෙසැම්බර් 24 දින රාත‍්‍රි සිදු වූ වෙඩි තැබීමෙන් එම පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ බිබිල – සේරව ප‍්‍රදේශයේ පොලිස් කොස්තාපල්වරයකු ද මියගිය බව කරාඬුගල පොලිසිය පැවසුවේය.

මෙලෙස මියගියේ බිබිල, පිටකුඹුර, සේරව ලිපිනයේ පදිංචි ටී. බී. කසුන් ප‍්‍රබුද්ධ නමැති 35 වියැති විවාහකයෙකි.

මෙහිදී අදහස් දැක්වූ මියගිය පොලිස් කොස්තාපල්වරයාගේ නැගණිය වන තිලංකා නිලූනි, අප පවුලේ සහෝදර සහෝදරියන් තිදෙනෙකි. මියගිය වැඩිමල් සහෝදරයා පවුලේ එකම පිරිමි සහෝදරයාය. ඔහු අ.පො.ස. උසස් පෙළ වානිජ විෂය ධාරාව හදාරා පළමුවරට ඒ සාමාර්ථ තුනක් ලබාගෙන පසුව 2008 වසරේ පොලිස් සේවය සඳහා ඇතුළත් වුණා. මගේ අයියා මීට මාස 04 කට පෙර ගුරුවරියක සමඟ විවාහ වුණා. පවුලේ එකම සහෝදරයා මෙලෙස මියයෑම දරාගත නොහැකි විශාල පාඩුවක් යැයි හඬාවැළපෙමින් පැවසුවාය.

මේ පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ තිරුක්කෝවිල් පොලිසිය හා බිබිල – කරාඬුගල පොලිසිය සිදුකරනු ලබයි.

බිබිල – ජේ. රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment