අයියෝ සාමි ලියූ කවුද මේ පොතුවිල් අස්මින්

358

වර්තමාන ලංකාවේ සමහර ගීත ඇහෙනකොට අපිට අයියෝ දෙයියනේ කියලා හිතෙන වාර අනන්තයි අප්‍රමාණයි. වර්තමානයේ එම ගීත මිලියන ගණනින් නරඹා ටේ‍රන්ඩින් වනුයේ ඒවායේ ඇති තනුවටත් සංගීතයටත් නොමැති නම් පද රචනයටවත් හරයටවත් නොවේ. පැහැදිලිවම රැල්ලට සහ බූස්ට් කිරීම් නිසාම නොවේද? එවැනි වටපිටාවක “අයියෝ සාමි. යූටියුබ් නැරඹුම් වාර මිලියන අටක් ඉක්මවා ගොස් ටේ‍රන්ඩින් වීමට බලපෑ ප්‍රධාන කාරණාව වනුයේ එහි සංගීතය” තනු නිර්මාණය වගේම පද රචනයයි. තවද වින්ඩිගේ මධුර හඬ ද අපව අනන්තයටම රැගෙන යයි.

හැමෝම මේ වේලාවේ වින්ඩිගේ මධුර හඬ ද සනුකගේ සංගීතය වගේම තනුව ගැන ද කතාබහ කරති. ඇත්තටම පද රචනය සඳහා සනුක මේ සඳහා තෝරා ගන්නේ පොතුවිල් අස්මින්ය. සැබැවින්ම ඔහුගේ තීරණය නිවැරදිය. තරුණ සංගීතඥයෙක් විදිහට ඔහු මේ ගත් තීරණය අද ලාංකේය සංගීතය වෙනස්ම තැනකට තල්ලු වී හමාරය. අපේ රටේ පමණක් නොවේ ඉන්දියාව ඇතුළු තවත් රටවලින් ද මේ ගීතය දැන් දැන් ඇහෙන්න පටන් ගෙන ඇත.

අයියෝ සාමි ලියූ කවුද මේ පොතුවිල් අස්මින්

ඉතින් මේ වෙලාවේ “අයියෝ සාමි. හි ගී පද රචකයා ගැන වචනයක් දෙකක් නොලිව්වොත් ලොකු අඩුවක් කියලයි අපිට හිතුණේ. ඔහු මේ වනවිටත් ඉන්දියාවේ තවත් සිනමා නිර්මාණයක් වෙනුවෙන් සහභාගි වෙලයි ඉන්නේ.

කවුද මේ පොතුවිල් අස්මින් “අයියෝ සාමි” ලියූ පොතුවිල් අස්මින් ඉපදුණේ නැගෙනහිර පිහිටි හද්දා පිටිසර ගමක් වන පොතුවිල්වල කැඩිච්ච සිංහල කතා කරන මොහු නමින් අස්මින් උතුමාලෙබ්බේය.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ වසන්තම් රූපවාහිනි නාලිකාවේ සහකාර නිෂ්පාදකවරයකු ලෙස දමිළ ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ අස්මින් කවියකු ලේඛකයකු පමණක් නොව දකුණු ඉන්දියාව තුළ ඉතාමත් ජනප්‍රියත්වයට පත් වූ ගීත රචකයෙකි. මේ වනවිට ඔහු දමිළ චිත්‍රපට දොළහකට පමණ ගීත රචනයෙන් දායක වී ඇත.

අස්මින් දකුණු ඉන්දීය සිනමා ගීත රචනයට දායක වීමට වරම් ලබන්නේ එරට ප්‍රකට දමිළ චිත්‍රපට නළුවකු හා සංගීත අධ්‍යක්ෂවරයකු වූ විජයෙයි ඇන්තනී විසින් අන්තර්ජාතික මට්ටමෙන් සංවිධානය කර පවත්වන්නට යෙදුන ගී පද රචනා තරගයකදී ලොව පුරා සිටින ගීත රචකයන් ලියූ ගීත විසිදහසක් අතුරින් පළමුතැන

දිනාගැනීමෙන් අනතුරුවයි. ඒ ජීවා ශංකර් අධ්‍යක්ෂණය සිදු කළ ‘නාත්. චිත්‍රපටයටය. එතැනින් නොනැවතුණ අස්මින් 2015 වසරේ හොඳම ගීත රචනයට හිමි එඩිසන් සම්මානය දිනාගැනීමට ද සමත් විය.

අයියෝ සාමි ලියූ කවුද මේ පොතුවිල් අස්මින්

අස්මින් පළමු වරට ලංකාවේ නිර්මාණයකට දායක වන්නේ ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘වන්වේ. ටෙලිනාට්‍ය තුළිනි. නාලක අංජන කුමාර සංගීතවත් කළ සූරිය කුමාර් මුල්කලගේ ගැයූ ‘එන් පාඩල් උන් කාවිල්. ගීතය අස්මින්ගේ පද රචනයකි. ලංකාවේ සිනමා නිර්මාණයක් සඳහා ඔහු දායක වන්නේ නුදුරේදී තිරගත වීමට නියමිත දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ “ගිරිවැසිපුර” චිත්‍රපටයෙනි. එහි “වාලෙන්ද්‍රම් වාල් වයෙන්ද්‍රම්” ගීතය අස්මින්ගේ පද රචනයකි. එය ගායනා කරනු ලබන්නේ මීනා ප්‍රසාදනී වන අතර සංගීතය බිබිලා දෙණියේ මහානාම ස්වාමීන් වහන්සේගෙනි.

දමිළ සාහිත්‍යමය රචනා කලාව හොඳින් ප්‍රගුණ කළ අස්මින්ගේ ගේය පද රචනාවන් ඉන්දියානු සමාජය හොඳින් දනී. ඊට හොඳම උදාහරණය වනුයේ තමිල්නාඩුවේ හිටපු මහ ඇමැතිනී ජයලලිතා ජයරාම් මහත්මිය අභාවප්‍රාප්ත වූ අවස්ථාවේ එම ශෝකජනක සිදුවීම අළලා ඔහු විසින් රචිත සංගීතවේදී වර්ෂන් සංගීතවත් කර ගායනා කළ “අම්මා අම්මා” නම් වූ ගීතය ශෝකයට පත් වූ දකුණු ඉන්දියානු ජනතාවගේ හදවත් හඬවන්නට සමත් වූවා පමණක් නොවේ. ජයලලිතා ජයරාම් මහත්මියගේ දේහය තැන්පත් කර තිබූ ස්මාරකය අසල මාස දෙකකට ආසන්න කාලයක් එම ගීතය වාදනය කිරීමට ද සලස්වා ඇත.

අයියෝ සාමි ලියූ කවුද මේ පොතුවිල් අස්මින්

පාසල් අවධියේ පටන් කවියට හපනෙකු වූ අස්මින් දශක කිහිපයක් තිස්සේ දමිළ සාහිත්‍ය කලාවට කළ සේවයේ ප්‍රතිඵලයක් ලෙස 2001 වසරේ ඔහු නිර්මාණය කළ කවි නිර්මාණයක් වෙනුවෙන් ජනාධිපති සම්මානය ද හිමිකර ගැනීමට සමත් විය.

ඔහු විසින් රචිත “පාම්බුහල් තුලික්කම් නදී” කාව්‍ය ග්‍රන්ථය 2013 වසරේ එළිදක්වා ඇති අතර ලංකාවේ පමණක් නොව මැලේසියාවේ සහ ඉන්දියානු ජනතාවගේ ද ප්‍රශංසාවට ලක් විය. ඔහු විසින් නිෂ්පාදනය කරනු ලැබූ “තුවාගම්” කලා සාහිත්‍ය සඟරා වැඩසටහනට ජාතික සම්මාන තුනක් හිමි විය.

ශ්‍රී ලාංකීය නාමය ලෝකයට ගෙන යමින් මෙරටට කීර්තියක් අත්කර දෙන්නට සමත් වූ පොතුවිල් අස්මින් ඇත්තටම රටට ආඩම්බරයකි.

දිනේෂ් විතාන

අයියෝ සාමි ලියූ කවුද මේ පොතුවිල් අස්මින්

අයියෝ සාමිනී

අයියෝ සාමිනී යෙනකු වේනාම්
පොයි පොයියා සොලී
හෙමත් එනදු පෝදුම්
මනසාත්‍රියෙයි නී විලිපේසිනායි
අඩනී සුල්ලනී මනසනා
අයියෝ සාමිනී යෙනකු වේනාම්
පොයි පොයියා සොලී
හෙමත් එනදුපෝදුම්

උනෙපෝන්ඩ්‍ර ආනෙයි නානම්බිවන්දෛ
උයිර්කොන්ඩ්‍ර නී ඕඩිනායේ
යෙනපෝන්ඩ්‍ර පොන්නෛ
යේමාට්‍ර වේට්ට
තීනුම් නූරු පොයිකූරුරායේන්

අයියෝ සාමිනී යෙනකු වේනාම්
පොයි පොයියා සොලී
හෙමත් එනදුපෝදුම්
මනසාත්‍රියෙි නී විලිපේසිනායි
අඩනී සුල්ලනී මනසනා
අයියෝ සාමිනී යෙනකු වේනාම්
පොයි පොයියා සොලී
හෙමත් එනදුපෝදුම්

තෙන්පෝලෙ පේසී ත්‍රෝහන්ගල්සේදායි
අදියාරු කුමිනී සෙයියාදෙයි
නාන් පෝන පින්නර් යෙනපටි්‍ර ඉනිවායි
යාරෝඩුම් පේසිකොලාදෙයි

අයියෝ සාමිනී යෙනකු වේනාම්
පොයි පොයියා සොලී
හෙමත් එනදුපෝදුම්
මනසාත්‍රියෙයි නී විලිපේසිනායි
අඩනී සුල්ලනී මනසනා
අයියෝ සාමිනී යෙනකු වේනාම්
පොයි පොයියා සොලී
හෙමත් එනදුපෝදුම්

ගායනය : වින්ඩි ගුණතිලක
පද රචනය : පොතුවිල් අස්මින්
සංගීතය : සනුක වික්‍රමසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment